
(එච්.එම්. හේවා)
හැටන් විදුහලක අධ්‍යාපනය හදාරණ තවත් සිසුන් හතර දෙනකු හා ගුරුවරියක් කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා කීවේය.
පසු ගිය දිනක මෙම විදුහලේ 10 සී ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමෙන් පසු එම ආසාදිතයාගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගත් සිසුන් 42 හා ගුරුවරියන් හතර දෙනකු ස්වයං නිරෝධානයන්ට ලක් කර එම අය පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගත් බවද මැදවෙල මහතා සඳහන් කළේය.
එසේ ගන්නා ලද පි. සි. ආර්. වාර්තා 20වන දින වන ලැබිමෙන් පසු එම වාර්තා මත මෙම සිසදුන් හතර දෙනා හා ගුරු මහත්මියක්ද කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගෙන ඇති බවත් එම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගන්නා බවත් ආර්. ආර්. එස්. මැදවෙල මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හැටන් විදුහලක තවත් සිසුන් 4 ක් ගුරුවරියක් ආසාදිතයින් ලෙස හඳුනාගනිති