IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


හැටන් ඔය ළඟ හොර මැණික් පතල්

හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසින වටවල මවුන්ජින් ප‍්‍රදේශයේ හැටන් ඔය අබියස විශාල පරිසර හානියක්  කරමින්  මැණීක් ජාවරම්කරුවන් පිරිසක් රාති‍්‍රකාලයේ කරන අනවසර මැණික් ගැරිම පිළිබදව සොයා බැලිමට කඳුරට නව ගම්මාන වතුයටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගමිබරම් මහතා ඊයේ  (29)  පස්වරුවේ මැණීක් ගරන භූමියේ නීරික්‍ෂණ චාරිකාවක නිරත වුණා.

මවුන්ජින් වතුයායේ වතුකම්කරුවන්ගේ ඉල්ලිමක් මතයි අමාත්‍යවරයා එම අනවසර මැණීක් ගරන ස්ථානයට පැමිණියේ.අමාත්‍යවරයා චෝදනා කරන්නේ  වටවල පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ උසස් පොලිස් නිලධාරින් රැසකගේ සහයෝගයෙන් මෙම අනවසර මැණීක් ගැරිම කරන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් පොලිස්පතිවරයාටද පැමිණීලි කළ බවත් වහාම වටවල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා මාරුකරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

තවද මැණීක් ගැරිම නීත්‍යානූකූලව කරන ලෙසටද අමාත්‍ය පලනි දිගමිබරම් මහතා ඉල්ලා සිටියි. අමාත්‍යවරයා නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් වටවල පොලිසියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්‍ෂ එච්.එස්.ඒ ෆොන්සේකා මහතාගෙන් අප කළ විමසුමකට ඔහු පවසා සිටියේ අමාත්‍යවරයා නගන චෝදනා පදනම් විරහිත චෝදනාවක් බවයි. තමන් පොලිස් විශේෂ කාර්ය බළකායේ වසර ගණනාවක් රාජකාරි කර රත්නපුර පොලිසියේ රාජකාරි කරන විට වටවල පොලිසියට මාරුවක් ලබා මීට මාස දෙකකට ප‍්‍රථම තමන් පැමිණි බවයි.

තමන් මෙම මවුන්ජින් ප‍්‍රදේශයේ අනවසර මැණීක් ගැරිම් නතර කිරිමට දැඩි පොලිස් ආරක්‍ෂාව යොදවා තිබිම හේතුවෙන් කිසියම් මැණීක් ජාවාරම්කරුවන් පිරිසක් අමාත්‍යවරයාගේ සහයෝගය මත තමාව ස්ථාන මාරු කිරිමට සිටින බවද පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

එම ජාවාරම්කරුවන් තමන් වෙත පැමිණ දේශපාලඥයන්ගේ ආධාරකරුවන් බව පවසමින් රාති‍්‍ර කාලයේ මැණීක් ගැරිමට අවස්ථාව ලබා දෙන ලෙස තමන්ගෙන් අවස්ථා කිහිපයකදි  ඉල්ලා සිටි බවත් එයට ඉඩ නොදීම නිසා එම මැණීක් ජාවාරම්කරුවන්  අමාත්‍යවරයාගේද සහයෝගය ලබා ගනිමින්  තමන්ට විරුද්ධව කටයුතු කරන බවයි.  ප්‍රදේශවාසින් පවසන්නේ එම ප‍්‍රදේශයේ  කරන මැණීක් ගැරිම හේතුවෙන් නායයෑමේ අවදානමක්ද පවතින බවයි.

DSC00871 DSC00875 DSC00877 DSC00878



අදහස් (0)

හැටන් ඔය ළඟ හොර මැණික් පතල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2344 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site