IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


හිඟුරක්ගොඩ පාලමක ඉදිකිරීම් වසරක් තිස්සේ නැවතිලා

(ඩබ්. ඒ. පියතිලක)
 
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යුදගනාව පළුවද්දන ගම්මානයට පිවිසීම සඳහා ඇති මාර්ගයේ  පාලමේ ඉදිකිරීම් වසරක පමණ කාලයක් නවතා දමා ඇතැයිද මේ හේතුවෙන් ගම්මාන රැසක ජනතාව දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව ගම්වැසියෝ කියති.
 
මෙම පාලම ඉදිකරන මාර්ගය ගල්ඔය, රොටවැව, මින්නේරිය, පාළුවැව, ධීවර ගම්මානය, විහාරගම සහ දිවුලන්කඩවල  යන ගම්මාන සඳහා ජනතාව භාවිත කරන බව ද ඔවුහු කියති.
 
හිඟුරක්ගොඩ යුදගනාව පළුවද්දන අංක 35 ග්‍රාමසේවක වසමේ වාරි මාර්ග වාන අසළ මෙම පාලම ඉදිකිරීම ඉකුත් වසරේ ආරම්භ කර ඇති නමුත් කොන්ත්‍රාත්කරුවන් මාස කිහිපයකට පසු ඉදිකිරීම් කටයුතුවලින් ඉවත්ව ගොස්  තිබේ.   ඉදිකිරීම් නතරවීම හේතුවෙන් අවට ගම්වාසීන්ට සහ පාසල් දරුවන්ට කිලෝමීටර් හතක් පමණ දුරකින් යාමට  සිදුව ඇති බව ගම්වාසීහු කියති.
 
ආර්. ඒ. එන්. ප්‍රියලාල් මහතා මෙසේ කීය. 

“මේ පාලම ගිය අවුරුද්දේ හදන්න ගත්තා. මෙතන ඉස්සර ඉදලාම වර්ෂා කාලයට යන්න බැහැ. වාන් ඇරපු ගමන්  යටවෙනවා. ඒ නිසා මෙතෙන්ට පාලමක්  හදන්න අනුමැතිය ලැබී තිබුණා. නමුත් එකපාරටම කොන්ත්‍රාත්කාරයෝ පාලමේ වැඩ අතර මග නවත්වලා  යන්න ගියා. යකඩ ඇතුළු උපකරණ මළකඩ කලා විනාශ වෙලා. දැන් එතෙන මාරු කපොල්ලක්  වෙලා. මොකද එම අඩි 16ක් විතර යටට වතුර වළවල්, කම්බි කූරු. ළමයෙක් එතනින් යවන්නත් බයයි. පාලම හදනවාට ඒ අයිනෙන් තාවකාලික පාරක් හදලා දුන්නෙත් නැහැ.  අපි කියන්නේ පාලම ඉක්මනට හදලා දෙන්න කියලායි.
 
පාලමේ වැඩ නතර වුණේ ඇයි කියලා අහන්න අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම ලේකම්තුමිය කිව්වා අපි නෙවෙයි පාලම හදන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් කියලා.  මින්නේරිය වාරි මාර්ග දෙපාර්තමේන්තුවට ගියා. ඔවුන් කියනවා අපි නෙවෙයි හදන්නේ කවුද හදන්නේ කියලා හොයලා බලන්නම් කියලා.  ගමේ රාජ්‍ය නිලධාරීන් 5ක් විතර ඉන්නවා. කිසිම කෙනෙක් දන්නේ නැතුව කොහොමද ගම්වල සංවර්ධන කටයුතු කරන්නේ.  ඒ අයගේ කිසිදු අධික්ෂනයක් නැතුව මහජනතාවගේ මුදල් විනාශ කරන්නේ කොහොමද? ” යැයි කීය.
 
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් ආර්. එම්. ඩී. පී. පුෂ්ප කුමාරි මහත්මියගෙන් විමසීමේදී ඇය පවසා සිටියේ  ඒ ඉදිකිරීම් වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් කරනා බවය.
 
මින්නේරිය වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වාරි ඉංජිනේරු අංජන අඹේසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ කීය.
“අපි දන්නේ නැහැ එක කවුද පාලම ඉදිකරන්නේ කියලා. ඒ ගමේ අය ආවා පාලම ගැන කියන්න. මං කිව්වා අපි නෙවේ ඒ පාලම හදන්නේ ඒ පිළිබඳව හොයලා බලලා  කියන්නම් කියලා” යැයි ඉංජිනේරුවරයා පැවැසුවේය.
 
වැරදි කළ විට ඊට නීතිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් සිටින රටේ ගමක අක්‍රමවත්ව සංවර්ධන කටයුත්තක් සිදුවන විට ඒ ගැන කිසිදු රාජ්‍ය නිලධාරියකු නොදැන සිටීම පුදුමයක් බව ජනතාව කීහ.

 



අදහස් (1)

හිඟුරක්ගොඩ පාලමක ඉදිකිරීම් වසරක් තිස්සේ නැවතිලා

sam Wednesday, 29 January 2020 02:46 AM

කවුද පළාතේ මන්ත්‍රී. ඔහුට හෝ ඇයටවත් කියලා බලන්න. ඡන්දයක් ළඟ එන නිසා මොන පක්ෂය වුනත් හොයාවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 129 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 83 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1666 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site