IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


හිඟුරක්ගොඩ දේවස්ථානය වෙසක් කූඩුවලින් සරසයි

(ඩබ්. ඒ. පියතිලක)

හිඟුරක්ගොඩ ක්‍රිස්තු රාජාණන්ගේ  කතෝලික දේවස්ථානයේ  ආගමික සංහිඳියාවට මුල්තැන දෙමින් ඉතිහාසයේ පළමු වතාවට කුරුසය සහ ධර්ම චක්‍රය සහිතව වෙසක් කූඩු දේවස්ථානය පුරා අද (18) වෙසක් උත්සවය වෙනුවෙන් තරුණ සමිතියේ දරුවන් එක්ව වෙසක් කූඩු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ බව හිඟුරක්ගොඩ ක්‍රිස්තු රාජාණන්ගේ  කතෝලික දේවස්ථානයේ ගරු ජූඩ් සපරමාදු මීසම් සේවක පියතුමා කියයි.

ගරු ජුඩ් සපරමාදු මිසම් සේවක පියතුමා  මෙසේද කීය.

‘‘ලෝක සත්ත්වයාගේ හිතසුව පිණිස පන්සාලිස් වසක් දේශනා කළ ඒ දහම් මග කුමන තාරාතිරමක පුද්ගලයෙකු වුවත් පිළිපැදීම තුළින් දෙලොව යහපත සලසා ගතහැකි මාර්ගය අවබෝධ කරගැනීමට හේතු සාධක වන බවත්, තවද එය මේ රටේ උපන් බොදු සහෝදර සහෝදරියන්ගේ පමණක් නොව අප සැමගේම ද පොදු උරුමයයි. අප අදහන ආගම කුමක් වුවත් ඒ හැම ආගමකටම බුදු දහම සරු පසකි. එය එසේ වන්නේ කිතු දහම ඇතුළු ලොව ප්‍රධාන ආගම් සියල්ලේම පදනම ප්‍රේමය හෙවත් මෛත්‍රිය වන නිසාය. ක්‍රිස්තුන් වහන්සේ අපට උගන්වන්නේ දෙවියන් වහන්සේ යනු ප්‍රේමය කියායි.

කෙසේ නමුත් අපි මේ වෙසක් පෝය දිනය මුළු ලෝකයටම ආදර්ශයක් වෙමින් අප දේවස්ථානයේ තරුණ පිරිසද මෙම දේවස්ථානයේ සහායක පියතුමා වන  කේ. ලක්ෂ්මන් පියතුමා ඇතුළු එක්ව වෙසක් කුඩු ප්‍රදර්ශනය කලේ ආගමික සහ සියලු ජාතින්ගේ සංහිඳියාව පිළිබිඹු වීම සඳහාය.

විශේෂයෙන්ම මේ වසරේ අපට වෙසක් උත්සවය සමරන්නට සිදු වී ඇත්තේ වෙනදාටත් වඩා අපේ ආගමික පැවැත්ම පරීක්ෂාවට ලක්වන සමයකයි. වෛරය ආගමක කරගත් ත්‍රස්තවාදය අද ප්‍රේමයේ ආගම් සියල්ලටම බලවත් අභියෝගයක්ව ඇත. එහෙත් බද්ධ වෛරය හා ප්‍රචණ්ඩත්වය පරාජය කිරීමට හැක්කේ මෛත්‍රියට පමණි. එය අප අදහන සෑම ආගමක් ම අපට උගන්වන පරම සත්‍යයයි. එබැවින් එය අප ආධ්‍යාත්මික පැවැත්මේ කේන්ද්‍රය කරගැනීමට වෙර දරමු, වෛරයේ ගිනි නිවා සියල්ලන් සුවපත් කර උතුම් දැහැමියාවකට පියවර නගමු. ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා‘‘ යැයි පැවසීය.

 



අදහස් (4)

හිඟුරක්ගොඩ දේවස්ථානය වෙසක් කූඩුවලින් සරසයි

චමින්ද Sunday, 19 May 2019 01:15 AM

පුත්තලම් පැත්තේ හිටියාවගේ පොලිස් ලොක්කෙක් හිඟරක්ගොඩෙ පැත්තේ හිටියානම් ඔය වැඩේ කරන්න දෙන්නේ නැහැ කියල හිතෙනවා.

:       0       0

janahitha Sunday, 19 May 2019 02:14 AM

ආගම ධර්මය කියන්නේ මිනිස්සු හික්මවන , යහපත් සිතුවිලි මවන හොඳ දෙයක් මිසක් මිනිස් ඝාතන කරන ආයුධයක් නොවන බව හැම ආගමකම කියල තිබුණත්, මොලය විකෘර්ති වෙලා හෝ මොලය සෝදා ඇති අයට එය නොතේරෙන බව පසු ගිය සිදුවීම් වලින් හොඳටම පැහැදිලි වුනා. වාද අත හැර ආගමික නායකයින් එකතු වුනොත් අපිට හොඳ තැනකට යන්ඩ බැරි වෙන්නනේ නැහැ.

:       0       0

Bamunuarachchi Sunday, 19 May 2019 03:17 AM

මම බෞද්දයෙක් නමුත් නතතල් දිනට මෙගේ ගෙදර මගේ ළමයා නත්තල් ගසක් හදනවා. මාසයක් පමණ එය ගෙදර තිබෙනවා. ගෙදරට එන මුනුබුරාලට මිනිබිරීලට තෑගිත් ඒ ගස යට තියා තිබෙනවා. අපි ඒ කරන්නේ අහිංසක සැරසිල්ලක් හරියට. එයින් අපි කිසියම් ආස්වාදයක් විඳිනවා. ආගම්වලට අදාළ කිසිවක් මෙතන නැත.

:       0       0

nihal Sunday, 19 May 2019 04:32 AM

ඉතාම විශිෂ්ටයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32277 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14777 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 362 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1283 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site