(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා)
නවගත්තේගම කොන්කඩවල රක්ෂිතයේ හක්කපටස් කා මිය ගිය වන අලියකුගේ සිරුරක් වන ජීවි නිලධාරීන් විසින් අද(17) සොයා ගෙන ඇත.
වයස අවුරුදු 10 ක් පමණ වූ මෙම වන අලියා උසින් අඩි හයක් පමණ වන බවද වනජීවි නිලධාරීහු පවසති.
වනජීවි පශු වෛද්‍ය ඉසුරු හේවා කොට්ටගොඩ මහතා අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පැවැත්වීමේදී අනාවරණය වූයේ වට්ටක්කා හෝ වෙනත් ආහාරයක් සමඟ හක්කපටස් යොදා ඇති බවත්, අලියා දින කිපයක් නිරාහාරව වේදනා විඳිමින් සිට මරණයට පත්ව ඇති බවත්ය.
වල් ඌරන් දඩයම්කරන මිනිසුන් ඇතැම් අවස්ථාවලදී මෙම හක්කපටස් උගුල අටවන බවත්, එය සැපීමත් සමඟ මුඛයට දරුණු තුවාල සිදුවී අලි මිය යන බවත් ඒ මහතා පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හක්ක පටස් කෑ වන අලියෙක් මරුට