(කුෂාන් ජයවර්ධන)
හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛයේ ඇති වූ බරපතළ තුවාල හේතුවෙන් දින ගණනක් පුරා ආහාර හා ජලය ගැනීමට නොහැකිව සිටි වල් අලි පැටවකු දැඩි කුසගින්න හා ඇතිවූ විජලන තත්ත්වය හේතුවෙන් අද (28) බලලුවැව ඉස්මත්තේදී මිය ගියේය.
වනජීවී පශු වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් සියදී මිය ගිය එම අලි පැටවාගේ වයස අවුරුදු 10ක් පමණ වන අතර මෙලෙස මිය ගියේ කහල්ල පල්ලේ කැලේ අභය භූමියේ සිටි වල් අලි පැටවෙකි. පලාගල මහ හෙට්ටියාව බලලූවැව ඉස්මත්තේදී එම අලි පැටවා මිය ගොස් තිබිණ.
මින් දින කිහිපයකට පෙර හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛයේ ඇති වූ බරපතළ තුවාල සහිතව සිටි එම අලිපැටවා ඉකුත් දින කිහිපයේ කන්දේගම, කරවිලගල, බමුණුගම, පලාගල, හෙට්ටියාව ආදී ප‍්‍රදේශවල සැරිසැරීය.
එම අතරතුරදී වයඹ වනජීවි කලාපයේ නිකවැරටිය වනජීවි පශූ වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුලු වනජීවී නිලධාරීහු එම අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීමට කටයුතු කළහ.
මිය ගිය අලි පැටවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය වයඹ වනජීවී කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් අද පැවැත්වීය. හක්කපටස් ආහාරයට ගැනීමෙන් අලි පැටවාගේ දිව හා මුඛයේ අස්ථී කුඩුවී යාමෙන් මුඛයට බරපතල හානි සිදුවීමෙන් ඇතිවූ තත්ත්වය මත දින කිහිපයක් ආහාර ගැනීමට නොහැකිව සිට එම අලි පැටවා ඇති වූ කුසගින්න හා විජලන තත්ත්වය මත මරණයට පත්ව ඇති බව පශුවෛද්‍ය ජයසිංහ මහතා පැවැසීය.
මිය ගිය අලිපැටවාගේ සිරුර බැකෝ යන්ත‍්‍රයක් යොදා ගනිමින් බලලුවැව ඉස්මත්තේදී මිහිදන් කිරීමට ප‍්‍රදේශය භාර ග‍්‍රාම නිලධාරීවරයා හා ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීහු එක්ව කටයුතු කළහ.
හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් මෙම වසරේ ගල්කිරියාගම වනසත්ව අඩවියෙන් වාර්තා වූ දෙවන අලි මරණය මෙය වේ.



2025 දෙසැම්බර් මස 18
289
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛය තුවාල වී සිටි අලි පැටවකු මියයයි