(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
හික්කඩුව වැවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක තුන්වැනි මහලේ කාමරයක අද (17) උදැසන ඇතිවු ගින්නකින් එම කාමරය සම්පූර්ණයෙන්ම හානිවි ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.
අද පෙරවරු 7.00ට පමණ මෙකි කාමරය තුල ගින්න ඇති වි තිබේ. මෙම හෝටල් කාමරයේ ලැගුම්ගෙන සිටි විදේශිකයින් දෙදෙනා ඊයේ ඉන් පිටව ගොස් ඇත. ගින්න ඇතිවන අවස්ථාවේ තුන්වැනි මහලේ අනිකුත් කාමරවල ලැගුම්ගෙන සිටි විදේශිකයින් හික්කඩුව පොලිසියේ පොලිස් නිලධාරින්, හෝටල් සේවකයින් හා හෝටල් හිමියන් එක්ව ඉවත් කිරීමට කටයුතු කර ඇත.
මොවුන් එක්වී කාමරය තුල පැතිර යමින් තිබු ගින්න නිවා දැමිමට ද කටයුතු කර ඇත. කාමරයතුල තිබු ඇඳන්, වායු සමිකරණ ඇතුළු අනිකුත් උපකරණ ගිනිගැනීම නිසා විනාශ වී ඇත.
විදුලි කාන්දුවීමකින් මෙම ගින්න ඇති වි තිබෙන බවට පොලිසිය සැකකරයි. හික්කඩුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හික්කඩුව හෝටල් කාමරයක හදිසි ගින්නක්