IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සා.පෙ ප්‍රායෝගික පරීක්ෂණ 28 වැනිදා ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2019) විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ මෙම 28 වැනිදා සිට නොවැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම ප්‍රායෝගික පරීක්ෂණවලට අපේක්ෂකයන් 174,778ක් පෙනී සිටින අතර පරීක්ෂණ මණ්ඩල 1295 කදී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ.

පෙරදිග සංගීතය, අපරදිග සංගීතය, කර්ණාටක සංගීතය, දේශීය නැටුම්, භරත නැටුම්, නාට්‍ය හා රංග කලාව (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) යන විෂයවලට මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන අතර අවසාන ප්‍රතිඵල නිර්ණය කිරීමේදී ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණ යන කොටස් දෙකේම ලකුණු උපයෝගී කරගන්නා බව එම කොටස් දෙකටම පෙනී සිටීම අනිවාර්ය බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාසල් අයැඳුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයඳුම්පතේ සඳහන් කර ඇති ලිපිනයට ද තැපැල් කර යවා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

පාසල් ප්‍රධානීන් වෙත හා පෞද්ගලික අයඳුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රවල විෂය සංශෝධන, මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධන වේ නම් වහාම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත ඉදිරිපත් කර ඒවා සංශෝධන කරවා ගත යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රවේශ පත්‍ර නොලැබුණු විදුහල්පතිවරුන් තම පාසල් අංකය, පාසලේ නම, ලිපිනය සහ අදාළ තොරතුරු ද, පෞද්ගලික අයඳුම්කරුවන් නම සහ ලිපිනය, විභාග අංකය, සෞන්දර්ය විෂය ආදී තොරතුරු ද “විභාග කොමසාරිස් ජෙනරාල්, පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්මේන්තුව, තැ.පෙ 1503, කොළඹ” යන ලිපිනයට තැපෑලෙන් හෝ පැමිණ හෝ දැන්විය යුතු බවත්, විදුහල්පතිවරුන් හා පෞද්ගලික අයඳුම්කරුවන් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මේ සම්බන්ධයෙන් 011 2 784 208 සහ 011 2 784 537 යන දුරකතන අංකවලින් වැඩිදුර විස්තර ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 

055



අදහස් (0)

සා.පෙ ප්‍රායෝගික පරීක්ෂණ 28 වැනිදා ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site