(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, සෙන්ක්ලෙයාර් රක්ෂිතය අද (28) රාත්‍රි 7.00 ට පමණ ගිනි ගැනීමකට ලක්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
රක්ෂිතය තුල හටගත් ගිනි ගැනීමෙන් එහි අක්කර 30 කට අධික කොටසක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවට සැක කරන බව තලවකැලේ-ලිඳුල නගර සභාවේ සභාපති එල්. භාරතිදාසන් මහතා පැවැසීය.
තලවකැලේ පොලීසිය, තලවකැලේ යුධහමුදා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එකතුව රක්ෂිතයේ හටගෙන තිබු ගින්න මේ වනවිට යම්තාක් දුරකට පාලන කිරීමට පියවර ගෙන තිබිණි.
සෙන්ක්ලෙයාර් දිය ඇල්ලට මායිම්ව පිහිටි මෙම රක්ෂියට කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් පිරිසක් විසින් මෙසේ ගිනි තබන්නට ඇති බවට පොලීසිය සැක කරයි
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සෙන්ක්ලෙයාර් රක්ෂිතයේ ගින්නක්