IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සුළඟින් මාතර නිවාස 80කට හානි

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ සුජීව සමරක්කොඩි)
 
පසුගිය දින කිහිපයේ මාතර දිස්ත්‍රික්කයට බලපෑ තද සුළං නිසා  නිවාස 80 කට පමණ හානි සිදු වී ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
එහි සහකාර අධ්‍යක්ෂක ලුතිනන් කර්නල් ප්‍රියංකර පියසේන මහතා පැවසූවේ ඉකුත් සිකුරාදා (19) නිවාස 72 කට හානි සිදු වී ඇති බවට තොරතුරු වාර්තා වී බවයි.
 
ඉන් පසුව සිදුව ඇති හානිවීම් පිළිබඳව අද (21) දින ගණනය කරන බවද ඒ මහතා කීය.  මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් නිවාස 20 කට පමණ හානි සිදු වී තිබෙන බව මාතර ප්‍රාදේශීය මහ ලේකම් දර්ශන වික්‍රමආරච්චි මහතා පැවසීය.

දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 7 කට පමණ හානි සිදු වී ඇති බව එහි ප්‍රාදේශීය ලේකම් රංජිත් යාපා මහතා කීය.
 
මේ අතර කද්දුව නාරංගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට ඇකේෂියා ගසක් කඩා වැටීම නිසා එම නිවසට දැඩි අලාභ හානි සිදු වී ඇත.
 
නිවස තුළ  සිටි 72 හැවිරිදි පුද්ගලයෙකු ද සුළු තුවාල ලබා තිබේ. මාතර යටියන ප්‍රධාන මාර්ගය මතට පොල් ගසක් කඩා වැටීම නිසා පැය කිහිපයක් ගමනගමන කටයුතු අඩාල වී තිබුණි.
 
උඩ අපරැක්ක ආගරවල ප්‍රදේශයේ ද විශාල ගසක් කඩා වැටී විදුලි රැහැන් පද්ධතියට හානි සිදු වී තිබේ. කෙසේ නමුදු හක්මන විදුලි බල මණ්ඩලයේ සේවකයින් පෙරේදා (20) සවස් වනවිට විදුලි රැහැන් පද්ධතිය යළි යථා තත්වයට පත් කර තිබුණේය. මේ ආකාරයට මාතර දිස්ත්‍රික්කය පුරා ස්ථාන රැසක විශාල ගස් සහ විශාල නාම පුවරු සුළගට කඩා වැටී ඇත. දින හතරක පමණ කාලයක සිට විටින් විට ඇති වන තද සුළං තත්වය අද (21) වන තෙක්ම පැවතිණි.වර්ෂාවට විටින් විට ඇද හැලෙමින් තිබේ.


 



අදහස් (0)

සුළඟින් මාතර නිවාස 80කට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 44 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site