IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සුළඟින් පොලොන්නරුවේ නිවාස 145 කට හානි

(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අද (18) බලපෑ තද සුළඟ හේතුවෙන් ඇතිවූ ආපදා තත්වය ඉහළ ගොස් ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.

ඒ අනුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 ක පිහිටි  නිවාස 145 කට හානි සිදුවී පවුල් 148 කට අයත්  පුද්ගලයින් 540 ක් පීඩාවට පත්ව ඇතැයි මේ වනවිට ගණන් බලා තිබෙන බව  දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා පැවැසීය.

තමන්කඩුව,වැලිකන්ද,දිඹුලාගල,ලංකාපුර,මැදිරිගිරිය,හිඟුරක්ගොඩ සහ ඇලහැර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග‍්‍රාම නිලධාරී වසම් 84 කට එය බලපා තිබේ.

වැඩිම පිරිසක්  පීඩාවට පත්ව ඇත්තේ හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බවත් එහි නිවාස 41කට  හානි සිදුවී පුද්ගලයින් 153ක් ඉන් පීඩාවට පත්ව ඇතැයි නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.

මැදිරිගිරිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තද සුළඟ හා අකුණුසර වැදීම් හේතුවෙන් නිවාස 35 කට හානි සිදුව සිදුව තිබේ.

පීඩාවට පත් පුද්ගල සංඛ්‍යාව 135කි. දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 24කට හානි සිදුවී පුද්ගලයින් 83 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන අතර තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 19කට හානි සිදුවී පුද්ගලයින් 76 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

මීට අමතරව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ රැසක සුළඟ හේතුවෙන් විදුලිය රැහැන් මාර්ග මතට ගස් කඩා වැටීම නිසා විදුලිය සැපයුම ඇණහිට  තිබූ බව වාර්තා වූ බවත්  විදුලි බල මණ්ඩලය බිඳවැටීම් යථා තත්වයට පත් කරන බවත් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

සුළඟින් පොලොන්නරුවේ නිවාස 145 කට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31695 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14160 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1125 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site