IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සුළඟින් පුත්තලමේ පාසල් - නිවාස රැසකට හානි

(හිරාන් ප්‍රියංනර ජයසිංහ)

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (8) අලුයම හමා ගිය දැඩි සුළි සුළං තත්වයක් හේතුවෙන් පාසලකට හා නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවකට  හානි සිදුව ඇතැයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මෙම හානි සිදුව ඇත්තේ පුත්තලම, කල්පිටිය, නවගත්තේගම, වනාතවිල්ලුව, ආණමඩුව යන ප්‍රදේශීය ලේකම් වසම් වලට බව කියයි.

අලුයම් කාලයේ පැවති අධික වර්ෂාවත් සමඟ මෙම සුළි සුළං තත්වය ඇති පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම් .ආර්.එන්.කේ.අලහකොන් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“ අද අලුයම තමා මේ දැඩි සුළං තත්වය ඇතිවී තිබෙනේ. මේ නිසා දළුව ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ වහලය සම්පුර්ණයෙන් හානිවෙලා. ඒ සමගම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වුණා . එය මේ වන විට යථා තත්වයට පත්කලා නමුත් දැඩි සුළි සුළගින් නිවාස 100  කට ආසන්න සංඛ්‍යාවක වහලට සුළං වලට ගසාගෙන ගොස් නිවාස වලට හා බඩු බාහිරාදියට විශාල හානි සිදුව තිබෙනවා. මේ තත්වය ගැන අදාල ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ග්‍රාම නිළධාරින් මේ වන විට වාර්තා ලබා ගනිමින් සිටිනවා . හානිය තවත් වැඩි විය හැකි බව අපිට දැන ගන්න ලැබෙන්නේ . කෙසේ නමුත් කඩිනමින් අදාළ කටයුතු සකසා දෙන්න උත්සහ කරනවා යැයි ඔහු පැවසිය.

 



අදහස් (0)

සුළඟින් පුත්තලමේ පාසල් - නිවාස රැසකට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 599 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site