IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සිංහරාජ මායිමේ ඉඩමක අවසරයකින් තොරව පස් කැපීම තාවකාලිකව නවත්වයි

(අජිත්ලාල් ශාන්තඋදය 

 
කලවාන,  කුඩව, සිංහරාජ වනාන්තරයේ පිවිසුම් ගේට්ටුවට මීටර් 300ක් පමණ දුරින් සිංහරාජ වනාන්තරයට මායිම්වන දොරණ ඇළ ආසන්නයේ වගාව සඳහා රජයෙන් බලපත‍්‍ර ගත් ඉඩමක නිසි අවසරයක් නොමැතිව බැකෝ යන්ත‍්‍රයක් යොදා පස් කපා ප‍්‍රවාහනය කිරීමේ ක‍්‍රියාවක් නැවැත්වීමට ක‍්‍රියාකළ බව සිංහරාජ වන පාලක අජිත් ජයසිංහ මහතා පැවසුවේය.

කුඩව, වතුරාව සිංහරාජ පිවිසුම් ගේට්ටුව ආසන්නයේ ඉඩමක පස් කපා ප‍්‍රවාහනය කරන බවට ලද තොරතුරක් සම්බන්‍ධයෙන් කුමන පියවරක් ගෙන ඇද්ද යන්න පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් වනපාලකවරයා මේ බව පැවසීය.
 
 සිංහරාජ වනාන්තරය නැරඹීමට එන සංචාරකයන්ට නවාතැන් සපයන ලැගුම්හලක් ඉදිකරන කුඩව ප‍්‍රදේශයේ භූමියක් පිරවීමට මෙම ස්ථානයේ කැපූ පස් ප‍්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත මෙම නියෝගය කළ බවද වනපාලකවරයා කීවේය.  
 
මේ පස් කැපීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් පුලූල් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන කලවාන අඩවිවන නිලධාරීවරයාට ලෙස දැනුම් දුන් බවද වනපාලකවරයා පැවසීය.
 
 ‘‘තේ වගා කරන්න බලපත‍්‍ර ලබාගත්ත සිංහරාජයට මායිම්වන දොරණ ඇලට යාබද ඉඩමකයි මේ ආකාරයට බැකෝ යන්ත‍්‍රයක් යොදාගෙන පස් කපලා තියෙන්නේ. එවැනි වගාකිරීමට බලපත‍්‍ර ලබාගත්ත ඉඩමක පස් කපනවානම් ප‍්‍රාදේශීය ලේකම්වරයාගෙන් නිසි අවසරයක් ගත යුතුයි. 
 
මේ කියන රජයේ ඉඩම තියෙන්නේ සිංහාරජ වනාන්තරයට පිවිසෙන වතුරාව ප‍්‍රධාන ගේට්ටුවට මීටර් තුන්සියයක් පමණ ආසන්නයෙන්.’’ සිංහරාජ වනපාලක අජිත් ජයසිංහ මහතා අවධාරණය කළේය.



අදහස් (0)

සිංහරාජ මායිමේ ඉඩමක අවසරයකින් තොරව පස් කැපීම තාවකාලිකව නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site