IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


සහනාධාර මුදල් නොලැබුණැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් විරෝධතාවක්

 (තරංග ගුණරත්න )
 
වැලිගම   කොලේදණ්ඩ පෙදෙසේ ජනතාවට සහනාධාර මුදල් නොලබුණු බවට  එම පෙදෙසේ පුද්ගලයකු විසින්  විද්‍යුත් මාධ්‍යක්  ඔස්සේ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වරයාට  චෝදනා කිරීම සම්බන්ධයෙන් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ග්‍රාම නිලධාරිවරුන්  විශාල පිරිසක් කොලේදණ්ඩ පෙදෙසේදි (15 )  දින  සාමකාමීව විරෝධතාවය දැක්වුහ.

රජය විසින් ලබාදෙනු ලබන රුපියල් පන්දහස මුදල වැලිගම වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට නොලබුණු බවට කොලේදණ්ඩ   ප්‍රදේශයේ  ග්‍රාම නිලධාරි වරයාට යමි පුද්ගලයකු විසින් තර්ජනය කරමින්  ඊයේ( 14)  දින රාත්‍රි  රූපවාහිනි මාධ්‍ය ඔස්සේ  ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන්  එයට විරෝධය දක්වමින් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ   ග්‍රාම නිලධාරීවරු  විශාල පිරිසක් එක්ව සිටියහ.
 
   පසුව  එම අවස්ථාව සදහා  වැලිපිටිය ප්‍රාදේශීය ලේකම්  පි සූරියාරච්චි මහත්මිය    පැමිණ අදාළ ගැටලු සම්බන්ධයෙන්  කඩිනමින්  විසදුම් ලබාදීමට පියවර ගන්නා බවට පැවසීය .
 
අනතුරුව චෝදනා කල පුද්ගලයා සමග අදහස් හුවමාරු කරගන්නා ලදි ,      ඇදිරි නිතිය අවස්ථාවේ  අයුතු ලෙස ජනතාව එකතු කිරීම , අදාළ  ග්‍රාම නිලධාරීවරයාට  තර්ජනය කිරිම , නිරෝධන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී   ,
 
පසුව     ප්‍රාදේශීය ලේකම්වරිය සහ ග්‍රාම නිලධාරීවරුන්  එම  ස්ථානයෙන් බැහැර වෙන අවස්ථාවේ    එම ස්ථානයට පැමිණි වැලිගම  පොලිසියේ  රථවාහන අංශයේ ස්ථානාධිපති නීශාන්ත ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පැමිණ  රැස්ව සිටි පිරිස විසුරුවා හැරීමට  පියවර ගන්නා ලදී .

 



අදහස් (1)

සහනාධාර මුදල් නොලැබුණැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් විරෝධතාවක්

lalithm Wednesday, 15 April 2020 02:12 PM

ගමේ ඉන්න හැම කෙනාටම ආධාර. මේ මොන විකාරයක්ද? එතකොට රටේ වැඩ කරලා ජීවත් වෙන මිනිස්සු. ඒ අයටනේ උදව් කරන්න ඕනේ මේ වෙලාවේ. නිකන් ඉන්න පින් බත් බැලයෝ හැම අවස්ථාවකම ආධාර, නිකම් කෑම බීම ද්‍රව්‍ය ගන්න බල ඉන්නවා. රටක් කොහොමද ඉස්සරහට යන්නේ මේ වගේ කාලකන්නි ඉන්නකම්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2452 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site