(ටෝනි කරුණානායක)
දොම්පේ තිත්තපත්තර වේලගම ප්‍රදේශයේදී සිය සොහොයුරියගේ 25 හැවිරිදි පුතාට පිහියකින් ඇන සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකාර මාමාට වසර 16 කට පසු බරපතල වැඩ සහිතව වසර 8ක සිර දඬුවමක් ගම්පහ මහධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (3) වැනිදා නියම කළේය.
එම සිරදඬුවමට අමතරව රුපියල් 1000ක දඬයක් නියම වූ අතර දඬමුදල නොගෙවන්නේ නම් තවත් සති දෙකක සිර දඬුවම් නියම කෙරුණි.
2002 වර්ෂයේ පෙබරවාරි මස 18 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී 25 හැවිරදි විදානමුදලිගේ කමල් පුෂ්පකුමාර නැමැති අයට පිහියකින් ඇන සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තිත්තපත්තර වේලගම පදිංචි 53 හැවිරිදි ගති ආරච්චිගේ පද්මසිරි හෙවත් පොඩි පුතා නැමැත්තාට සිරදඬුවම නියම කෙරුණි.
විත්තිකරු සමඟ ඇතිවූ ආරවුලකදී මෙම පිහා ඇනුම සිදුව ඇති බවට මහාධිකරණයේදී සඳහන් විය.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහෝදරියගේ පුත්‍රයා ඝාතනය කළ මාමාට වසර 8ක සිර දඬුවමක්