( ක.ග කරුණාරත්න)
ගොවි ජනතාව ඉල්ලා සිටින රජයේ සහතික වී මිල කඩිනමින් ලබාදීමට රජය ක්‍රියා නොකළහොත් නුදුරේදීම දිනයක ගොවි ජනතාව සිය දහස් ගණනින් කොළඹට කැඳවා පාර්ලිමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ අගමැති කාර්යාලය වටලා විරෝධය දක්වන බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි නායකයෝ අද (12) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියහ.
මේ අරගලය සඳහා දීප ව්‍යාප්තව ගොවි ජනතාව සංවිධානය කරන බවත්, ඉදිරියේදී පවත්වන කුමන මැතිවරණයකදී වුව මේ රටේ ලක්ෂ 20 ක් පමණ වන ගොවි ජනතාව තීරණාත්මක බලවේගයක් ලෙස පෙළගස්වන බව ද ඔවුහු එහිදී ප්‍රකාශ කළහ.
නාඩු වී කිලෝවක මිල රුපියල් 50ක් සහ සම්බා වී කිලෝවක මිල රුපියල් 55 ක් දක්වා වැඩි කරන ලෙස රජයට බල කරමින් රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව දහස් ගණනින් පාරට බැස පසුගියදා උද්ඝෝෂණවල නිරත වූ බවත් මේ කාරණය සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමුකර ගොවි ජනතාවගේ සාධාරණ ඉල්ලීම ඉටු කරදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ රජය ක්‍රියා කරනු ඇතැයි විශ්වාස කරන බවද කීහ.
එසේ නොකළහොත් මේ රටේ ගොවි ජනතාවගේ තරම නුදුරු දිනයකදීම කාටත් බලාගත හැකිවන බවද ගොවි නායකයෝ මෙහිදී ප්‍රකාශ කළහ.

2025 දෙසැම්බර් මස 18
185
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සහතික වී මිල කඩිනමින් නොදුන්නොත් අගමැති කාර්යාලය වටලනවා‘