(වියලුවේ නිශාන්ත කුමාර)
ගිරාඳුරුකෝට්ටේ පොලිස් වසමට අයත් රත්කිඳ ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට පහර දී තුවාල සිදු කළ පුද්ගලයෙකු අද (04) දහවල් සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්කිඳ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයෙකි.
පහරකෑමට ලක්වූ අවුරුදු 19 ක් වයසැති පාසැල් සිසුවා ගිරාඳුරුකෝට්ටේ රෝහලට ඇතුළත් කර ඇත.
සිය දියණිය සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යන බවට චෝදනා කරමින් මෙම පුද්ගලයා විසින් සිසුවාට පහර දී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයිද පොලිසිය පවසයි.
සැකකරු ගිරාඳුරුකෝට්ටේ පොලිසිය මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (04) මහියංගණ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානච්චි මහතාගේ උපදෙස් පරිදි ගිරාඳුරුකෝට්ටේ පොලිස් නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.
ගිරාඳුරුකෝට්ටේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සිසුවෙකුට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට