නයිනමඩම චන්දන ප්‍රනාන්දු
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත රටපුරා ඊයේ (23) රාත්‍රියේ සිදුකල විශේෂ මෙහෙයුමකට අනුව දන්කොටුව පොලිස් බල ප්‍රදේශයේ මොහොට්ටිමුල්ල ප්‍රදේශයේ සිදුකල වැටලිමකදී මොහොට්ටිමුල්ල පොදු සුසාන භුමියේ මළ සිරුරක් දමා තිබු කොන්ක්‍රීට් වලක, ගෝඩා බැරල් සඟවා කසිප්පු ජාවාරමක් සිදුකල වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ සහෝදරයෙකු කියන අයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.
සැකකරු එම මිනිවලේ තිබු සිරුරු කොටස් ප්ලාස්ටික් උරයක බහා ගොඩට ගෙන පැත්තකින් ගෝඩා බැරල් කසිප්පු නිපදවීම සඳහා තබා ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසිය කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි අයෙකි
කාලයක සිට මෙම සුසාන භූමිය තුල කසිප්පු ජාවාරම කරගෙන ගොස් ඇති බවත් ප්‍රදේශයේ සිදුවන බොහෝ අපචාර සිදුවීම්වලට මෙම පුද්ගලයා සම්බන්ධ බවට තොරතුරු හෙළි වි ඇති බව කරුණු අනාවරණය කරගෙන තිබේ.
එම වලේ තිබි ගෝඩා බැරල් 3 ක් හා නිවසේ තිබි ගෝඩා බැරල් 2 ක් සොයාගත් බවත්, සැකකරුගේ නිවස සුසාන භුමිය මායිමේම පිහිටීම නිසා මෙම ජාවාරම කරගෙන යාමට පහසුවක් වි ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියයි.
දන්කොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවිමෙන් මෙම වැටලීම සිදුකර තිබේ.

2025 නොවැම්බර් මස 04
757
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුසාන භූමියේ ගෝඩා බැරල්
sam Saturday, 24 March 2018 06:58 AM
පොලිසියේ රාජකාරිය මේකයි කියලා මතක් වෙච්ච දවස් වලටවත් (ඊයෙත් එහෙම දවසක් වෙන්න ඇති ) මේවගේ මෙහෙයුම් කලාම කාටද ආඩම්බර ??