IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සිසුන්ට මත්පෙති අලෙවි කළ බෙහෙත් ශාලා හිමිකරුට දඩ

(උපාලි ආනන්ද)
 
ගලෙන්බිඳුණුවැව ප‍්‍රදේශයේ පාසල් සිසුනට සහ වෙනත් පුද්ගලයින්ට  නීති විරෝධීව මත්පෙති අලෙවි කළැයි චෝදනා ලැබ, අධිකරණය හමුවේ වරද පිළිගත්  බෙහෙත් ශාලාවක හිමිකරුවෙකුට මුදලින් රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප‍්‍රසන්න සමරසිංහ මහතා අද (30)  නියම  කළේය.
 
තමන් මත් පෙති අලෙවි කිරීම පිළිබඳව ජනතාවගෙන් සමාව අයදින බවත්, යලි එවැනි වැරදි සිදු නොකරන බවත් සඳහන් කරමින් සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ජාතික පුවත්පත්වල  ප‍්‍රසිද්ධ  දැන්වීම් පළ කරන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා පළ කරන පුවත්පත් දැන්වීම් නොවැම්බර් 28 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද තවදුරටත් නියෝග කළේය.
 
මෙසේ දඬුවම් නියම වූයේ ගලෙන්බිඳුණුවැව, කැකිරාව පාර ලිපිනයේ පදිංචි  සමන් කුමාරසිංහ නැමැත්තාටයි.  ඔහුගේ බෙහෙත් ‍වෙළඳසැල වටලා  නීතිවිරෝධී ඖෂධ සමග මෙම සැකකරුවා  අත්අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ  පරීක්ෂකවරුන් වන  ආනන්ද වේරගොඩ සහ  ආර්. එම්. පී. යූ. කුමාර යන මහත්වරුන් විසිනි. උපාය දූතයින් යොදා දින දෙකක් පමණ කළ වැටලීමකදී මොහු අත් අඩංගුවට ගැණිනි.

එම බෙහෙත් වෙළඳසැලෙන් මත් පෙති  අලෙවි කරන බවට  දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ට ප‍්‍රදේශවාසින්ගෙන් ලැබී තිබූ පැමිණිලි රැසක් සැලකිල්ලට ගනිමින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.  අගෝස්තු 26 වන දින අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර මහතා හමුවට සැකකරු ඉදිරිපත් කර අතිරේක මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුව රිමාන්ඩ් බාරයට පත් කෙරුණු අතර  පසුව ඇප මත මුදා හැරිණි.
 
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඖෂධ අලෙවිකිරීම, ඖෂධවේදියෙකු විසින් ලබාදිය යුතු ඖෂධවේදියකු නොමැතිව අලෙවිකිරීම, බෙහෙත් ශාලාව තුළ මත්පෙති තබාගැනීම සහ ඒවා මිලදීගත් බව, තහවුරු කළ හැකි ලිපි ලේඛන නොමැතිව මත්පෙති ළඟ තබාගැනීම ආදිය සැකකරුට එරෙහිව ඇති චෝදනා වේ.
 
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වන  ආනන්ද වේරගොඩ සහ ආර්. එම්. පී. යූ . කුමාර යන මහත්වරුන් පෙනී සිටි අතර සැකකාර කළමනාකාරවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ චන්දන වීරකෝන් මහතා පෙනී සිටියේය.



අදහස් (0)

සිසුන්ට මත්පෙති අලෙවි කළ බෙහෙත් ශාලා හිමිකරුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 915 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 627 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site