IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සංවර්ධන නිලධාරියකු ලෙස පෙනී සිට මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

( සිතුම් චතුරංග)

රාජ්‍ය නොවන සංවිධානයක සංවර්ධන නිලධාරියකු ලෙස පෙනී සිටිමින් විවිධ රැකියා, අඩු මුදලට ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි ලබාදෙන බවට පවසමින් පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 28 ආසන්න මුදලක් වංචාකළ අයෙකු වවුනියාව නගරයේදී  අද(26) අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 

 සැකකරු විසින් රජයේ රෝහලක හෙද නිලධාරිනියක ඇතුළු පුද්ගලයින් 24 දෙනකු මෙලස රවටා මුදල් වංචා කොට ඇති අතර එම මුදල රුපියල් 2,759,221 බව පොලිසිය සදහන් කළේය.

තමා සේවය කරන රාජ්‍ය නොවන සංවිධානයට ලැබී ඇති යතුරු පැදි අඩුම මිළට ලබාදීමට හැකි බව පවසමින් එක් අයකුගෙන් රුපියල් 115,000 මුදලක් බැගින් පුද්ගලයින් 16 දෙනෙකු රවටා රුපියල් රුපියල් 18 ලක්ෂයකට ආසන්න මුදලක්  මුදල් ලබාගෙන ඇති බව පොලිසිය පැවසීය.

 එවැනිම ලියාපදිංචි නොකළ ත‍්‍රි රෝද රථ විශාල ප‍්‍රමාණයක් ලැබී තිබෙන බවට පවසමින් වෙළෙද පොළ වටිනාකමට ඉතා අඩුවෙන් ලබාදීමට හැකි බව පවසමින් සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් පුද්ගලයින් පස්දෙනකු රවටා මුදල් ලබාගෙන ඇත.
        
 ත‍්‍රී රෝද රථ ලබාදීමට අවශ්‍ය මුදල් සැකකරු තම පුද්ගලික බැංකු ගිණුමේ තැන්පත් කොට තිබියදී සොයාගත් බවද පැවසීය.

පොලිසිය පැවසූයේ සැකකරු සුදුසුකම් නොබලා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල ස්ථීර රැකියාවන් ලබාදෙන බවට පවසමින් පුද්ගලයින් තිදෙනකුගෙන් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් වංචා කොට ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි.

පොලිසිය වෙත පැමිණිලි සියල්ල නොවැම්බර් මාසයේ ලැබී තිබූ බවත් සැකකරු විවිද ස්ථාන වෙත පලායමින් පොලිසිය මඟහරිමින් සිට ඇත.
         
 අත්අඩංගුවටගත් සැකකරු තවත් පුද්ගලයින් වංචා කොට මුදල් වංචා කොට තිබේද යන්න පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පැවසේ.
        
සැකකරු තරුවේන්දුරන් මිල්පාරල වවුනියාව පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයකි.



අදහස් (0)

සංවර්ධන නිලධාරියකු ලෙස පෙනී සිට මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site