IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ස්වර්ණාභරණ සමඟ ගුවන් තොටෙන් සිව් දෙනෙක් අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )
 
 
ස්වර්ණාභරණ තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
                       
එම ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂ අනූ නව දහස් පන්සිය හැත්තෑවක් (1,40,99,570 ) කි.
 
මොවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් තිදෙනකු සහ එක් පුද්ගලයකු වන අතර ඔවුන් වෘත්තියෙන් ව්‍යාපාරිකයන් පිරිසකි.
 
ඔවුන් ඇද සිටි ඇදුම් අතර සහ ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලුවල මාල , මුදු , කරාබු සහ තැල්ල සහිත මාල ඇතුළත් කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 540 ක් බර මෙම ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන තිබිණි.



අදහස් (0)

ස්වර්ණාභරණ සමඟ ගුවන් තොටෙන් සිව් දෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site