(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාර්ගයක් ඉදිරිමේ කටයුතු ආරම්භ කිරීමට යාමේදී විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු විසින් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂකවරයාට හා තවත් පුද්ගලයෙකුට පහරදී ඔවුන් මාතලේ මහරෝහලේ ප්‍රතිකර ලබන අතර ඒ සදහා නීතිය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය දක්වමින් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකයෝ විරෝධතාවක නිරතවූහ.
මාතලේ මැලදුම්පත ප්‍රදේශයේ මාර්ගයක් ගම්පෙරළිය වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමට මුදල් අනුමත වී ඇති අතර එම මාර්ගය ඉදිකළ යුතු ආකාරය සැලසුම් අධ්‍යක්ෂකවරයා විසින් කොන්ත්‍රාත්කරුට පැහැදිලි කරන අවස්ථාවේ එම මාර්ගය ඉදිවන ස්ථානය පිළිබද ගැටළුවක් ඇති බව පවමින් දෙපිරිස අතර වචන හුවමාරුවක් සිදුව ඇති අතර එහිදි සැලසුම් අධ්‍යක්ෂකවරයාට හා තවත් පුද්ගලයෙකුට එම පුද්ගලයා පොල්ලකින් පහරදී තිබේ.
එම පොලුපහරින් තුවාල ලැබූ සැලසුම් අධ්‍යක්ෂක හා අනෙක් පුද්ගලයා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඒ පිළිබද මාතලේ පොලිසිය වෙත පැමිණිලි කළද අදාළ සැකකරු අත්අඩංගුවට නොගැනිමට විරෝධය දක්වමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවක පිරිස විරෝධතාවේ නිරතවූහ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ විශ්‍රාමික පොලිස් නිලධාරියාද මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් මාතලේ පොලිසි ස්ථානාදිපති චානක ද සිල්වා මහතා පැවසීය.

2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සැලසුම් අධ්‍යක්ෂකට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගන්න‘යි විරෝධතා