IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


සිලාවතුර අරිප්පු මුහුදු සීමාවේ මසුන් මැරූ ඉන්දීය ජාතිකයින් 8 දෙනකු රිමාන්ඩ්

(ප්‍රියංකර ජයසිංහ)


ශ්‍රී ලංකා මුහුදු සිමාව උල්ලංඝණය කරමින් මසුන් මරමින් සිටියදි නාවික හමුදා අත් අඩංගුවට පත්වු ඉන්දියන් ධිවරයින් 8 දෙනා සැප්තැම්බර් 3 දක්වා බන්ධනාගාර ගත කිරිමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා  අද (22)  නියෝග කළේය.  


 මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුයේ  ඉන්දියාවේ තුත්තුකුඩි වරායේ සිට මසුන් මැරිම සදහා පැමිණ  සිටි ඉන්දියන් ජාතික අන්තෝනි රාජ් නසරන්,  විල්ෆ්‍රි  විමලන්,  රෝබිස්ටන් , පියාස් රමේස් , යසිකි මුත්තු , චාන්සන් අරෝග්‍යාරාජ්,  සන්දන කුමාර් මුනිස්සාමි,  විජය බාලන් නැමති වයස අවුරුදු 18 , 30 , 35 සහ 55 සිමාවන් වල පසුවන ධිවරයින් පිරිසකි. 


 මෙම ධිවරයින් ශ්‍රී ලංකා මුහුදු සිමාවට අයත් සිලාවතුර අරිප්පු සිමාව තුළ මසුන් මරමින් සිටියදි නාවික හමුදාවේ නන්දිමිත්‍ර නෞකාව මගින් (21 )  දහවල් අත් අඩංගුවට ගෙන කල්පිටිය විජය නාවුක කදවුරට භාර දි තිබුණි. 


පසුව අදාල සැකකාර ධිවරයින් අට දෙනා නාවික හමුදාව විසින් පුත්තලම සහකාර ධිවර අධ්‍යක්ෂ කාර්යාල නිළධාරින්ට භාර දි තිබු අතර ධිවර නිළධාරින් විසින් අදාල ධිවරයින්  කල්පිටිය පොලිසියට භාර දිම 22 දින රාත්‍රියේ සිදුවු අතර පොලිසිය හා ධිවර නිළධාරින් එක්ව (22) පුත්තලම දිසා විනිසුරු වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කර තිබුණි. 


 පසුව දිසා විනිසුරු වරයා අදාල ධිවරයින්  සැප්තැම්බර් 3 දක්වා බන්ධනාගාර ගත කිරිමට නියෝග නිකුත් කර තිබුණි.


 මෙම ධිවරයින් සමඟ අත් අඩංගුවට ගත් ධිවර යාත්‍රාව නාවික හමුදාව භාරයේ ඇති අතර මොවුන් සන්තකයේ තිබු ජි.පි.එස් . උපකරන දැල් ආම්පන්න ද ධිවර නිළධාරින්ට භාර දි තිබුණි. 


 එසේම මෙම ධිවරයින් අල්ලාගෙන තිබු කිලෝ 300   කට ආසන්න මසුන් තොගය ධිවර සංස්ථාවට භාර දිමටද කටයුතු කර තිබුණි.
 



අදහස් (0)

සිලාවතුර අරිප්පු මුහුදු සීමාවේ මසුන් මැරූ ඉන්දීය ජාතිකයින් 8 දෙනකු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31755 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14212 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11141 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 211 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1145 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site