(මනෝප‍්‍රිය ගුණසේකර)
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා කෙල්ලුපිටියේ පෞද්ගලික ආයතනයක මුදල් අයකැමිවරිය බියගන්වා රුපියල් 55,000 ක් කොල්ලකන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියම කළාය.
කොල්ලුපිටිය පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන ලද පරීක්‍ෂණ වලින් පසු අත්අඩංගුවට ගනු ලැබූ සුරේෂ් ප‍්‍රනාන්දු නැමැත්තා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.
සෙල්ලම් පිස්තෝලයක් එල්ල කර කෙල්ලුපිටියේ පෞද්ගලික ආයතනයක මුදල් අයකැමිවරිය බියගන්වා ඇය සතුව තිබූ රුපියල් 55000ක මුදල කොල්ලකෑ බව කියන සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා පිටස්තර කිසිවකුටත් හඳුනා ගැනීමට නොහැකි වන අන්දමට සම්පුර්ණයෙන්ම ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා සැකකරු ආවරණ සහිතව ඉදිරි දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළාය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා මුදල් කොල්ල කෑ පුද්ගලයා රිමාන්ඩ්
Hafeel Tuesday, 02 October 2018 01:55 PM
සෙල්ලම් පිස්තෝල හම්බන්තොටට පුළුවන්. කොළඹට බැහැ.