ජයරන්ත වික්‍රමආරච්චි
පුත්තලම අනුරාධපුර මාර්ගයේ සාලියවැව කන්දඋඩ දී අද(20) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ තිදරු පියෙකු මිය ගොස් ඇතැයි සාලියවැව පොලීසිය කියයි.
සාලියවැව කන්දඋඩ පදිංචි යතුරුපැදි කාර්මිකයෙකු වන සමන් සංජීව හෙට්ටිආරච්චි(35) නමැති පුද්ගලයා මෙම අනතුරින් මියගොස් ඇති පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයා සිය නිවස ඉදිරිපිට මාර්ගයට සමීපව යතුරුපැදියක දෝෂයක් පරීක්ෂාවට ලක්කරමින් සිටියදී අනුරාධපුර දෙසින් පැමිණි බව කියන කුඩා ලොරියක් ඔහුගේ ඇඟේ වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව අදාළ ලොරිය හා එහි රියැදුරු සැකපිට අත් අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සාලියවැව අනතුරෙන් එක්දරු පියා මරුට