IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


සුරාසලක් කුට්ටිගලට ගෙන යාමට එරෙහිව විරෝධතාවක්

(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
 
ඇඹිලිපිටිය තුංකම නගරයේ පිහිටා ඇති සුරාසැලක්, කුට්ටිගල 42 ප‍්‍රදේශයට ගෙන යාමට විරෝධය පළ කරමින් ඇඹිලිපිටිය නෝනාගම ප‍්‍රධාන මාර්ගය හරස් කර කළු කොඩි ඔසවමින්  ජනතාව අද(19) විරෝධතාවක් පැවැත්වූහ.
 
මහා සංඝරත්නය, පළාත් පාලන ආයතන නියෝජිතවරු, ස්වේච්ඡා සංවිධාන නියෝජිතවරු, කාන්තාවෝ ඇතුළු 500ක් පමණ දෙනා විරෝධතාවට එක්ව සිටියහ.
 
පාරේ එක් මංතීරුවක් හෝ වාහන ගමනාගමනයට ඉඩ දෙන්නැයි පොලිසිය ඉල්ලා සිටි අතර, විරෝධතාකරුවන් පැවසුවේ සුරාසැල කුට්ටිගල  ප‍්‍රදේශයට ගෙන නොයන බවට සහතිකයක් දෙන තුරු ගමනාගමනයට ඉඩ නොදෙන බවය.
 
ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රසංග උදයකාන්ත මහතා එතැනට පැමිණි අතර ඉන් පසු මාර්ගයේ කොටසක් වාහන ගමනාගමනයට විවෘත කෙරිණි.
 
උද්ඝෝෂණයට එක්වූවන් අමතමින් ඔහු පැවසුවේ මෙම සුරාසල කුට්ටිගල 42 ප‍්‍රදේශයට ගෙනයාමට මහා සංඝරත්නය ද එකඟත්වය පළකර ඇති බවයි. පොලීසිය සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඊට අකමැති බවත් ගෙනයාමට ගත් තීරණය සම්බන්‍ධයෙන් නැවත විමර්ශනයක් පවත්වන ලෙස තමා සුරාබදු කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි බවත් පැවසුවේය.
 
සුරාසැල කුට්ටිගල 42 ප‍්‍රදේශයට ගෙන යාම තාවකාලිකව නවත්වන ලෙස සුරාබදු කොමසාරිස්වරයා දුරකතන ඇමතුමක් දෙමින් නියෝග කළ බව උදයකාන්ත මහතා  කීවේය. උද්ඝෝෂකයන්ට ද ඒ බව දැන්වීය.
 
පැවති විරෝධතාව හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය පැය දෙකකට ආසන්න කාලයක් ඇණහිටිනි.



අදහස් (1)

සුරාසලක් කුට්ටිගලට ගෙන යාමට එරෙහිව විරෝධතාවක්

Dr. Vajira Fernando Wednesday, 19 February 2020 10:53 AM

අනිවාර්යයෙන්ම මේ උද්ඝෝෂණය ප්‍රදේශයේ කසිප්පු මුදලාලිගේ උවමනාවට තමයි සිදු කරන්න ඇත්තේ. මේ කෘෂිකාර්මික ප්‍රදේශවල ලොකුම වසංගතය කසිප්පු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1548 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1676 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site