IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සේරුවිල ස්වර්ණ ප්‍රකාර පුජාවේ අසිරිය

මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ  සංකල්පයක් අනුව ඓතිහාසික සේරුවිල සෑයේ  ස්වර්ණ ප්‍රාකාර පුජාව  පසුගියදා පැවැත්විණි

මංගල රාජමහා විහාරාධිපති අමරපුර කල්යාණවංශ නිකායේ සේරුවිල සරණකිත්ති අනුනායක හිමියන්ගේ ආශිර්වාදයෙන් සහ මහමෙව්නාව භාවනා අසපුවාසී හිමිවරුන්ගේත් ශ්‍රද්ධා රූපවාහිනියේත් ශ්‍රද්ධා ගුවන් විදුලියේත් මෙහෙයවීම යටතේ ලොව පුරා සැදැහැවතුන්ගේ ආධාර උපකාර සහිතව මෙම රන්වැට වසරකටත් අඩුකාලයක දී තනවන්නට යෙදුණි.

බුදුන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ සහ  කේෂ ධාතූන් වහන්සේලා රන් බුදු පිළිමයක සිරසෙහි පිහිටුවා නිදන් කොට කාවන්තිස්ස මහරජු විසින් සේරුවිල මංගල මහා සෑ රජුන් තැනවු බව වංශ කතාවේ කියැවේ.

එම සෑ රජුන් හට උපහාර පිණිස ඉදිකරන ලද රන්කණු දහසකින් පමණ සමන්විත ස්වර්ණ ප්‍රාකාරයක් බඳු වූ අසදිස මහා රන්වැට පසුගිය 31 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මහතාගේ සුරතින් මහාසංඝරත්නයේ සහ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් මංගල මහා සෑ රජුන් වෙත පූජා කැරිණි.

මහා සෑ වන්දනාව සඳහා සෑ රජුන් සැරසීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගයෙන් සෑ රජුන් මුළුමණින් ම සුවඳ පැනින් දෝවනය කිරීමෙන් අනතුරුව ආරම්භ විය. 

පින්කම වෙනුවෙන් සෑ රජාන්ගේ පේසා වළලු ද කොත් කැරැල්ල ද සතරැස් කොටුව ද දේවතාකොටුව ද සුවඳ මලින් සරසා මල් කංචුකද පළදා තිබිණි.

එසේ සුවඳ මලින් සිදුකළ සැරසීම් අතර සුවිශේෂීම අංගය වූයේ සෑ රජුන්ගේ බඳ වටා දාමයක ආකාරයෙන් පළඳා තිබූ මුළුමණින්ම මලින් ගොතන ලද සුවිශාල මල් මාලා සමුහයයි.

ගුවන් ගැබෙන් මල් වරුසා ඇද හැළෙද්දී ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධුකාර සහ හේවිසි වාදන මැද  රන් වැට විවෘත විය.

අමරපුර මහා සංඝසභාවේ සභාපති ශ්‍රී කල්යාණවංශ නිකායේ මහානායක දොඩම්පහළ චන්දසිරි මහානායක හිමි ද මහමෙව්නාව භාවනා අසපු වාසී මහා සංඝරත්නය ඇතුළු හිමිවරුන් 500 නමක් ද  මෙහෙණින් වහන්සේලා සිය ගණනක් ද ඊට වැඩම කළහ.

පින්කම සංවිධානය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂ බලකාය,ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආයතනයන් රාශියක් එක්ව සිටීම සුවිසේශී විය. පැමිණි ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් උදෙසා නොයෙක් ආකාරයේ දන්සල් ද විය.

 

 

 

 



අදහස් (0)

සේරුවිල ස්වර්ණ ප්‍රකාර පුජාවේ අසිරිය

දුශාන් Friday, 05 December 2014 03:57 PM

පින් සිද්ද වෙන වැඩක් (දී)

:       0       0

මතුගම Monday, 09 June 2014 05:26 PM

සාධු සාධු සාධු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 520 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site