(නිශාන්ත කුමාර)
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංගොඩ ග්‍රාමසේවා වසමේ නාගොල්ල ගම්මානයට ඇතිවූ නාය යාමේ අවදානමක් හේතුවෙන් ඉවත්කල නාගොල්ල ගම්මානයේ පවුල් 23 ක් සඳහා ඉඩම් ලබාදීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් නිමේෂා ප්‍රියංගනි වනසිංහ මහත්මිය පැවැසුවාය.
ඔවුන්ට වියළි සලාක ලබාදීමට පියවර ගෙන ඇතැයිද ප්‍රාදේශීය ලේකම්වරිය පැවැසුවාය.
කෙසේ වෙතත් නාය යාමේ අවදානම මතුවීමත් සමගම ඉවත්කරන ලද ඇතැම් පවුල්වල පිරිස් එම අවදානම නොතකමින් යළි තම නිවෙස් වෙත ඒමට පටන්ගෙන ඇතැයිද ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් පැවැසුවාය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම් නිමේෂා ප්‍රියංගනි වනසිංහ මහත්මිය මෙසේද කීය.
“ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාවත් සමඟ ඉකුත් 16 වෙනිදා උදෑසන සොරණාතොට නාගොල්ල ගම්මානේ කඳුවැටියට ඉහළින් පිහිටි විශාල ගල්කුලක් කඩා වැටී නිවසකට බරපතළ හානි සිදුවුණා. ජීවිත හානි කිසිවක් සිදුවුණේ නෑ .
කෙසේ වෙතත් එම ස්ථානය පරීක්ෂා කළ ආපදා කළමනාකරණ නිලධාරීන් වගේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ නිලධාරීන් එම ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් තිබෙන බව ප්‍රකාශ කළා. ඒ අනුව අපි එම ගම්මානයේ පදිංචි පවුල් 23ක් එම ස්ථානවලින් ඉවත් කර ඔවුන්ගේ ඥාති හා හිතවතුන්ගේ නිවාසවල නතර කිරීමට පියවර ගනු ලැබුවා.ඔවුන්ට අවශ්‍ය වියළි සලාක ලබා දීමටත් කටයුතු කළා.
ඔවුන්ට ඉඩම් ලබාදීමේ කටයුතු ආරම්භ කළත් අපි ලබාදෙන ඉඩම් වලට ඇතමුන් අකමැති වීම නිසා වෙනත් ඉඩම් සෙවීම්ට අපට සිදුවුණා. ගලක් පෙරළීම නිසා හානියට පත් නිවෙස් හිමියා වෙත මේ වනවිටත් ඉඩමක් ලබා දී ඇති අතර නිවස ඉදිකරගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමටත් පියවර ගනිමින් තිබෙනවා.
කෙසේ වෙතත් එක ස්ථානයකින් ඉඩම් සොයාගැනීමේ ඇති ගැටළුව නිසා අපි මේ වන විටත් ඉඩම් කට්ටි කිහිපයක් වෙන් වෙන් වශයෙන් ඔවුන්ට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
සෙසු පිරිසට ඉතා ඉක්මණින් ඉඩම් ලබාදීමට අපි කටයුතු කරමින් සිටිනවා. කෙසේ වෙතත් ඇතැම් පිරිස් අප විසින් නම් කරන ලද අවදානම් තත්ත්වය නොතකමින් යළි තම නිවෙස් වෙත පැමිණ පදිංචි වීමට කටයුතු කරමින් සිටීම ගැටලුවක්. අපගේ නිර්දේශවලට පිටින් පැමිණ යළි නිවෙස්වල පදිංචි වන අය සම්බන්ධයෙන් වගකීම අපිට ගන්න බැහැ” යැයිද ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් පැවැසුවාය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
සොරණාතොට ආපදාවට ලක් වූ පවුල් 23කට ඉඩම්