(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කලුතර සහ පානදුර ප්‍රදේශවල මහමග නතර කර තිබූ යතුරු පැදි පහක් සොරාගෙන ඒවා කොටස් කර විකිණූ පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.
සැකකරුවන් එම යතුරු පැදි කොටස් විකුණා හෙරොයින් මත්කුඩු පානය කර ඇතැයි පොලිසිය පවසයි.
එම යතුරුපැදිහි වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වෙතියි පොලීසිය කියයි.
එම යතුරුපැදි අමතර කොටස් කලුතර හා මොරන්තුඩුව ව්‍යාපාරිකයන් දෙදෙනෙකු සන්තකයේ තිබී සොයාගත් බවත් විකුණාගත නොහැකි වූ යතුරුපැදි එංජිමක් ඇතුළු කොටස් කිහිපයක් මොරන්තුඩුව කෝලාන ඇළට දමා තිබියදී සොයාගත් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද(18) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


2025 දෙසැම්බර් මස 18
272
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොරාගත් යතුරු පැදි 5 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට