(කාංචන කුමාර ආරියදාස)
රාත්‍රී කාලයේ දඹුල්ල නගරයේ සැරි සරමින් වෙළඳසැල් වලට ඇතුළුවී මුදල් සොයන සොරෙකු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා දඹුල්ල පොලීසිය මහජන සහය පතයි.
දඹුල්ල නගරයේ ස්ථාන ගණනාවකට ඇවිද යමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ වෙළඳසැල් දෙකක් කඩා ඇතුළු වී මුදල් සෙවීමේ කටයුතු කර ඇති මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇතැයි පොලිසිය කියයි.
මෙම පුද්ගලයා දන්නා අයෙක් වෙතොත් දඹුල්ල මූලස්ථාන පොලීසියේ 066 - 22 84722 යන දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ද දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්. පි. එදිරිසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
දඹුල්ල බස් නැවතුම්පළ ඇතුළත ඇති ආපනශාලාවක වීදුරුවක් ගල්වලින් ගසා කඩා ඒ තුළට ඇතුළුවී එහි තිබූ මුදල් ප්‍රමාණයක් රැගෙන ගොස් ඇතැයි වෙළඳසැල් හිමිකරු කියයි.
එදිනම රාත්‍රියේ දඹුල්ල නගරයේ පිහිටි සුපිරි වෙළඳසැලකට ද ඒ ආකාරයෙන්ම ඉදිරිපස වීදුරුව කඩා ඇතුළු වී එහි මුදල් සෙවීමේ කටයුතු සිදුකර ඇති බවද පොලිසිය කියයි.
මෙම සැකකරු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් දඹුල්ල නගරයේ සහ අවට ප්‍රදේශවල යෙදවූ බවත් යම් අයකු මෙම පුද්ගලයා පිළිබඳව තොරතුරක් දන්නේ නම් දඹුල්ල පොලිසියට හෝ ළඟම ඇති පොලීසියට ඒ බව දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිති.



2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සොරෙකු සොයන්න දඹුල්ල පොලීසිය මහජන සහය පතයි