IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සුරක්ෂා සිසු රක්ෂණාවරණය ගෙවීම් සඳහා ඉල්ලීම් 6600ක්

නිමල කොඩිතුවක්කු
 
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හදුන්වා දුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණය මගින් රුපියල් මිලියන  27 කට අධික ප‍්‍රතිලාභ පාසල් සිසුන් මේ වනවිට හිමිකරගෙන  තිබේ.  

 
එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට පෙබරවාරි දක්වා රක්ෂණ ගෙවීම් සඳහා ඉල්ලීම් 6600ක් ශ‍්‍රි ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලැබී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
 
පාසල් සිසුන් ලක්ෂ 10ක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණයට අදාල රක්ෂණ කාඞ්පත් මේ වනවිට ලබා දි ඇති අතර මේ මාසය අවසන් වනවිට සිසුන් ලක්ෂ 20ක් දක්වා මෙම කාඞ්පත ලබාදිමට නියමිතය. 
 
රජයේ පාසල් , පෞද්ගලික පාසල් පිරිවෙන් වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් ලක්ෂ 45කට ආසන්න පිරිසක් සඳහා මෙම සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙන්  ප‍්‍රතිලාභ හිමිවේ.
 
ඒ අනුව සෑම පාසල් දරුවකු සඳහාම රුපියල් ලක්ෂ 02ක රක්ෂණ ප‍්‍රතිලාභ හිමිවන අතර ඔක්තෝම්බර් 01 වනදා සිට මෙම රක්ෂණාවරණය ආරම්භ විය.
 
මේ යටතේ  පාසල් දරුවකුගේ බාහිර ප‍්‍රතිකාර සඳහා වාර්ෂිකව රුපියල් දස දහසක්ද, රෝහල් ගත වීමේදි රුපියල් ලක්ෂය දක්වාත්, මව පියා මියගිය විට රුපියල්  හැත්තෑපන්දහසක මුදලකුත් හිමිවේ. 
 
එමෙන්ම දරුවා පූර්න ආබාධිත තත්ත්වයට පත්වීමේදී රුපියල් ලක්ෂයක මුදලක් සහ  අර්ධ ආබාධිත තත්ත්වයකදී රුපියල් පනස්දහසේ සිට රුපියල් ලක්ෂයක් දක්වා ප‍්‍රතිලාභ හිමිවේ.   



අදහස් (4)

සුරක්ෂා සිසු රක්ෂණාවරණය ගෙවීම් සඳහා ඉල්ලීම් 6600ක්

sachith Wednesday, 07 March 2018 05:42 AM

ඇත්තටම හොද දෙයක්. මේ වගේම රජයේ පාසල්, රෝහල් වල තියෙන අඩුපාඩුත් හදන්න.

:       0       1

ඩබ්.ඒ.එච්.නිරෝෂිණී Monday, 07 June 2021 12:52 PM

මාගේ දරුවාගේ ඇස් කණ්ණාඩි ලබාගත් බිල්පත යොමු කර දැනට වසරකට ආසන්න කාලයක් ගතව ඇතත් ගෙවීම් සිදු නොවීය. මේ සම්බන්ධයෙන් කාරුණික අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තුතිය භාරදුන් ස්ථානය - ශ්‍රි ලංකා ඉන්සුරන්ස් බෙලිඅත්ත ශාඛාව දරුවාගේ නම - ආර්.ඩී.ඩී. රාජපක්ෂ පාසල - හ / වලස්මුල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය දිනය - 2020 සැප්තැම්බර් මාසය

:       3       3

W.G.I.I.INDUWRA DASANAYAKA Sunday, 29 August 2021 01:50 PM

ඉහත නම් සදහන් වන ඉදුවර දසනායක වන මා හට දරුනු පිලිකා රෝග තත්වයක් ඇතිවෙලා තිබෙනවා .එම රෝගය සදහා යන ප්‍රතිකාර වලට යන වියදම් දරන්න මගේ පියාට අපහසුයි. මට අවුරුදු 19 යි . තාම පාසල් යනවා. මේ රෝග තත්වය නිසා ගොඩක් අසරණ වෙලා ඉන්නේ . අනේ පුලුවන් උපකාරයක් තියනවා නම් කරනවද .ගොඩක් අසරණ වෙලා ඉන්නේ. මට මැරෙන්න බෑ .තව කල් ජීවත් වෙන්න ඕනේ . අනේ පින්සිද්ද වෙයි. මොකක් හරි උදව්වක් කරන්න.

:       0       2

J.A Jayani udara jayasinghe Wednesday, 14 December 2022 04:29 AM

මගේ අප්පච්චි නැති වෙලා 2022.1..1 වෙනිදාට අවුරුදු 3 එත් මට තාම සුරක්ශා රක්ෂණය ලැබුණේ නැ පුලුවන් නම් ඉක්මනින් මට රක්ෂණ මුදල ලබා දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි මොකද මගේ අම්මට මේ වෙනකොට ස්නයු වල ප්‍රශ්නයක් තියෙන්නෙ තාම හරියට ලෙඩේ හොයා ගෙන නැ අපි සල්ලි නැතිව ගොඩක් අසරන වෙලා ඉන්නේ ඒ වගේම මත් ලොකු රෝගයකින් පෙලෙනවා ඒ රෝගේ නිසා මම දැන් පාසල යන එක නතර කරලා තියෙන්නෙ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 741 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2398 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site