(කේෂර ගුණතිලක)
සියඹලාණ්ඩුව මූලික රෝහලේ අලුතින් ඉදිකළ මෘත ශරීරාගාරය විදුලිය නොමැතිකමින් වසා දමා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෘත ශරීරාගාරය රෝහලට භාරදී මාස දහයක් ගතවී ඇතත් ඊට විදුලි බලය ලබානොදීම හේතුවෙන් මරණ පරීක්ෂණ කටයුතුවලදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට වෛද්‍ය නිලධාරීන්ට සිදුවී ඇත.
රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් වියදම් කර මීට වසරකට පමණ ඉහතදී ඉදි කළ මෙම මෘත ශරීරාගාරය අධිශීතකරණයකින් සහ මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම්වලින් සමන්විතය.්
මේ හේතුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා දිනකට වැඩි කාලයක් ගතවන මෘත දේහ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයට යැවීමට රෝහල් බලධාරීන්ට සිදුවී තිබේ. එනිසා මියගිය අයගේ ඥාතීන් විවිධ අමතර වියදමක් දැරීමට සිදුවී ඇත.
මේ පිළිබඳව සියඹලාණ්ඩුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ධම්මික දිසානායක මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ අලුතෙන් ඉදිකළ මෘත ශරීරාගාරයට විදුලිය ලබාදෙන ලෙස බලධාරීන් දැනුවත් කර ඇතත් මෙතෙක් එය ඉටු නොවූ බවයි.
අඩු පහසුකම් මැද පැරණි මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරන බවද ඒ මහතා කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සියඹලාණ්ඩුව රෝහලේ මෘත ශරීරාගාරය විදුලිය නැතිකමින් වසාදමලා
දිමුත් Thursday, 26 December 2019 10:05 AM
අයියෝ! මෙහෙව් රටක්!
lokka Thursday, 26 December 2019 10:58 AM
අයියෝ මෙහෙව් රටක් නෙමෙයි, අයියෝ මෙහෙව් රට කරපු පහුගිය කාලේ හිටපු අය