IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සයිප්‍රසයේ රැකියා දෙනවැයි කියා මුදල් වංචා කළ අයෙකු දැලේ

(එස්. ඩී.කොඩිකාර)

සයිප්‍රස් රටේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන්ගෙන්  රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක්   වංචා සහගත ලෙස  ලබා ගත් පුද්ගලයකු  අද (19)  දෙනියාය නගරයේ දී අත්අඩංගුවට ගත් බව දෙනියාය  පොලිසිය  කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු (45) හැවිරිදි රාහුල පාර, මාතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සැකකරු දෙනියාය, පල්ලෙගම, කොළවෙනිගම, බටාඳුර, ලංකගම, වතුරාව, විහාරහේන  යන ආදී ප්‍රදේශවලට ගොස්  කාන්තාවන් සහ පුද්ගලයන් සමඟ  කුළුපඟ වී   රවටා ඔවුන්ට සයිප්‍රස් රටේ  රැකියා ලබාදෙන බව පවසා එක් අයකුගෙන් රුපියල් 80,000බැගින් අත්තිකාරම් මුදල්  ලබාගෙන ඇති බවට  පැමිණිලි ලැබී ඇති බව පොලිසිය කියයි.

සැකකරු යතුරුපැදියකින් මාතර ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මෙවැනි අයුරින්  වංචා සහගත ලෙස ඉකුත් දෙසැම්බර් මාසයේ සිට මුදල්  එකතු කර ඇති බවත් ඔවුන්ට සයිප්‍රස් රටේ  රැකියා ලබා දීම  ලබන මාර්තු මස තුළදී  කරන බවට සැකකරු පොරොන්දු වී ඇති බව වංචාවට හසු වූ අය පවසති.

අත්අඩංගුවට ගත් සැකකරු අද (19) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

සයිප්‍රසයේ රැකියා දෙනවැයි කියා මුදල් වංචා කළ අයෙකු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 858 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site