IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සායනික අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීමෙන් සෞඛ්‍ය තර්ජන

( චමිල් රූපසිංහ)

 
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ රසායනික අපද්‍රව්‍ය රෝහල් භුමිය තුළ නිසි ක්‍රමවේදයකින් තොරව ගොඩගසා තිබිම හේතුවෙන් රෝග බෝ විමේ අවදානමක්  මතුව තිබේ.
 
සායනික අපද්‍රව්‍ය කිසිම අයුරකින්  බාහිර  පරිසරයට නිරාවරණය නොවිය යුතු අතර එසේ වුවහොත් දැඩි පාරසරික හානියක්  මෙන්ම  පුද්ගල  සෞඛ්‍යයටද දැඩි  ගැටළුවක් මතු වේ.
 
රෝහලෙන් ඉවත් කරනු ලබන මෙම සායනික අපද්‍රව්‍ය එලිමහනේ බැහැර කර තිබිම නිසා රෝහල් භුමිය තුළ  මේ වන වට දුගදක්ද හමා යමින්  පවතී.
 
මෙහි ඇති සායනික අපද්‍රව්‍ය සුනඛයන් හා කාක්කන් මගින් තැන් තැන් වලට ගෙනගොස් දමන අතර එමගින්ද රෝහල කරා ප්‍රථිකාර ගැනිමට පැමිනෙන රෝගින් හට විශාල සෞඛ්‍ය ගැටලුවක්  පවතින  බව රෝගීහු ද පවසති.
 
මෙම රසායනික අපද්‍රව්‍ය මීට සති කිහිපයක පටන් මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති  බවත් මෙම රසායනික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයට  ඉතාම ආසන්නව රෝහලේ මුළුතැන්ගෙය හා ලේ බැංකුව ද ඇති බවත් එයද දැඩි අවදානමක් බවත් ඔවුහු පවසති.
 
මේ සම්බන්ධව  රෝහල් අධ්‍යක්ෂක අර්ජුන තිලකරත්න  මහතාගෙන් විමසීමේදී  ඔහු  පැවසුයේ මෙවැන්නකි.
 
 "රෝහල් වලින් ඉවත් කරන රසායනික අපද්‍රව්‍ය පරිසරයට අහිතකර නොවන අයුරින් විනාස කිරිමේ ගැටලුව මෙම රෝහලට පමණක්  ඇති ගැටලුවක් නොවේ.

මෙම රසායනික අපද්‍රව්‍ය ඉවත් කර ආයතනය අධිකරණ හේතුවක් මත තාවකාලිකව එම කටයුතු නවතා  තියෙනවා.

එම ආයතනයේ  වැඩකටයුතු නැවත ඇරැඹිමට නියමිතයි. අනතුරුව  කඩිනිම්න්  සෞඛ්‍යාරක්ෂිත අයුරින්  මේවා විනාශ කරලිමට පියවර ගන්නවා."



අදහස් (0)

සායනික අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීමෙන් සෞඛ්‍ය තර්ජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site