මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා පිටත් වන සිසුන් වෛද්‍ය වෘත්තීකයින් ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස ඉල්ලා එහි සිසුවියක විසින් ගොනු කළ පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය 10 වැනි දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
විජිත් මළල්ගොඩ,එස්.තුරෙයිරාජා යන අභියාචනාධිකරණ විනිසුරුන් ඉදිරියේ පෙත්සම කැඳවිණි.
ජයනි විභාෂා සහ කුමුදුනී කෞෂල්‍යා විසින් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ,සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
වෛද්‍ය උපාධි ලබාදීමට තරම් ප‍්‍රමාණවත් සාධක නැති බැවින් එය ලියාපදිංචි කළ නොහැකි බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප‍්‍රකාශ කරන බවත් එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ නොහැති බවත් පෙත්සමේ සඳහන්වේ.
උපාධි ප‍්‍රදානය කිරීමේ ආයතනයක් ලෙස මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජය විසින් පිළිගෙන ඇති අතර එම බලපත‍්‍රය ලබා දීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමේ අයිතියක් කිසිදු පාර්ශවයකට නොමැති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සයිටම් පෙත්සම කල් යයි