IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සෝම හිමි ගුණ සමරුවක් ලන්ඩනයේ

අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමි ගුණානුස්මරණ වැඩසටහන් මාලාවක් දෙසැම්බර් 09 සිට ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතය.

කොළඹ ඉසිපතන විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ එංගලන්ත ශාඛාව මඟින් සංවිධානය කර ඇති මෙම වැඩසටහන ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී සහ කින්ග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

සෝම හිමියන් සිහිපත්කර බුද්ධ පුජාවක් සහ විශේෂ ධර්ම දේශනයක් ලබන සිකුරාදා(09) සවස 7.30 ට පදලංගල ධම්මදේව හිමියන් විසින් පවත්වන බව සංවිධායකයෝ කියති.

ලබන සෙනසුරාදා(10) සවස 6.00ට ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී බුද්ධ පුජාවක් සහ ධර්ම දේශනයක් පැවැත්වීමට නියමිතය අතර ඉරිදා(11) පෙරවරු 11.00ට බුද්ධපුජාවක් සහ මහා සංඝරත්නය උදෙසා පැවැත්වෙන දානමය පින්කමක් පවත්වන බව සංවිධායක කමිටුව කියයි.

“සෝම හිමියන් පැවිදි බිමට ඇතුළත් වීමට පෙරාතුව අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඉසිපතන විද්‍යාලයෙනි.අකල්හි නිහඬවූ ශ්‍රී ලංකාවේ වත්මන් යුග පුරුෂයෙකුවන් වූ සෝම හිමියන් සිහිපත් කර උන්වහන්සේට පින් පැමිණවීමට මෙම පින්කම් සඳහා සහභාගී වන ලෙස කෘතවේදී සියලුම දෙනාට ගෞරවයෙන් ආරාධනා කරනවා“යැයි සංවිධායක කමිටුව කියයි.

 



අදහස් (0)

සෝම හිමි ගුණ සමරුවක් ලන්ඩනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 670 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2336 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site