IMG-LOGO

සෝමාවතියේ මුවදෙනක මරා උයමින් සිටි 7දෙනෙකු දැලේ

(ඩබ්. ඒ. පියතිලක)
 
සෝමාවතිය ජාතික උද්‍යානයේ මුවදෙනක මරා, එම මස් පිසිමින් සිටි පුද්ගලයන් 7දෙනෙකු අද(21) කළුගඟ ප්‍රදේශයෙදි අත්අඩංගුවට ගත් බව එම වනෝද්‍යානයේ වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීහු පවසති.
 
සැකකරුවන් සමඟ ගිනි අවි දෙකක්,  උණ්ඩ 29ක්, වෙඩි බෙහෙත්, පොරොවක්, පිහි කිහිපයක්, මස් පිසින භාජනයක් සමග මුව මස් කිලෝ 20ක් ද ඔවුන් බාරයට ගෙන ඇත.
 
මොවුහු මැදිරිගිරිය, වඩිගවැව සහ කන්තලේ වාන් ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
 
මෙම පුද්ගලයන්  කාලයක පටන් මෙම ජාතික උද්‍යානයේ මුවන් ඝාතනය කර  මස් කර අලෙවි කර ඇති බවට ලද තොරතුරක් අනුව වැටලීම කළ බව වනජිවි නිලධාරීහු කියති.
 

වනජීවි බීට්ටු කාර්යාලයේ අඩවි සහකාර  සුමනවංශ, වනසත්ව නියාමක සුරංග,  වනජීවි  නිලධාරින් වන  අසෝක, හේමන්ත, සිවිල් ආරක්ෂක නිලධාරින් වන  ජානක, සරත්, රෝයල්, ගාමිණි,  කපිල සහ වනජීවි රියදුරු ජානක අමරසිංහ  යන මහත්වරු වැටලීමට එක්ව සිටියහ.
 
අත්අඩංගුවට සැකකරුවන්, මස්  සමග උපකරණ   හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

සෝමාවතියේ මුවදෙනක මරා උයමින් සිටි 7දෙනෙකු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 182 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 98 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1698 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site