(ඩබ්. ඒ. පියතිලක)
සෝමාවතිය ජාතික උද්‍යානයට ඇතුළු වී එහි වූ දැව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි සිව්දෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව සෝමාවතිය වනජීවී කාර්යාලයේ නිලධාරීහු පවසති.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹාල, ඕනැගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව්දෙනෙකි.
මෙම පුද්ගලයින් කලක පටන් නීතිවිරෝධීව රහසේ සෝමාවතිය ජාතික උද්‍යානයට ඇතුළු වී එහි ගස්වලට ගිනි තබා දර ලෙස රැගෙන යන බවට ලැබුණු තොරතුරු අනුව කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කරත්ත සහ පුද්ගලයින් අද හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සෝමාවතිය ජාතික උද්‍යානයේ දැව ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට