IMG-LOGO

සෝමාවතියේ ගස් කැපීමට ගිය තිදෙනෙකුට දඩ

(ඩබ්. ඒ. පියතිලක)
 
සෝමාවතිය ජාතික උද්‍යානයට අනවසරෙන් ඇතුළු වී, එහි ශාක විනාශ කිරීමට තැත් කළ තිදෙනෙකුට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා අද(10) රුපියල් එක් ලක්ෂ පන්දාහක දඩමුදලක් නියම කළේය.

අත්අඩංගුවට ගත්  ස්වයංක්‍රිය දම්වැල් කියතක් ඇතුළු උපකරණ රාජසන්තක කිරීමට ද නියෝග කෙරිණි.

සෝමාවතිය ජාතික උද්‍යානයට වටිනා ගස් කපාගෙන යාමට තිදෙනකු ඇතුළු වී ඇති බවට ලද තොරතුරක් මත, උද්‍යාපනයේ නිලධාරීන් සහ පොළොන්නරුව  වනජීවී කාර්යාලයේ නිලධාරීන් එක්ව ඊයේ(09) කළ මෙහෙයුමකදී  පෙරියාරු ගග අසන්නයේ  මලල් ආරු ප්‍රදේශයේ  දී මොවුන් අත්අඩංගුවට ගැනුණි.

ස්වයංක්‍රිය දම්වැල් කියතක්, විදුලි පන්දම් 3ක් සහ ඔරු පැදීමට යොදාගත්  හබල් 2ක්  සිය බායරට ගත් බව සෝමාවතිය ජාතික උද්‍යාන පාලක ඩබ්. එච්.  එල්. කේ. වාසල මහතා පවසයි.

මෙම වැටලීම සඳහා අඩවි ආරක්ෂක ඩබ්. එච්.  එල්. කේ. වාසල  අඩවි ආරක්ෂක සුනිල් ශාන්ත,  අඩවි  සහකාර එස්.  ඒ. වික්‍රමසිංහ, අඩවි  ආරක්ෂක පාලින්ද , වන සත්ව නියාමක  සමීර,  අසංක ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.



අදහස් (0)

සෝමාවතියේ ගස් කැපීමට ගිය තිදෙනෙකුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 368 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 181 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1871 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site