IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සැමියාට පහර දී ඝාතනය කළාට බිරිඳ අත්අඩංගුවට

ක.ග කරුණාරත්න
 
සිංහල අලුත් අවුරුද්දට පෙර දිනයේ (13) බිම ඇද වැටී හිසට තුවාල සිදුවූ බව පවසා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය සිවිල් ආරක්ෂක භටයාගේ මරණය පහරදීමකින් සිදුවී ඇතැයි අනාවරණය වීමෙන් පසු ඔහුගේ බිරිය අද (16) සැකපිට අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි. 

මෙලෙස මිය ගොස් ඇත්තේ දම්මින්න ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සුරවීර ආරච්චිලාගේ විමල් කුමාර නැමැති 37 හැවිරිදි දෙදරු පියෙකි.

මොහු ඉකුත් සෙනසුරාදා (13) සිය නිවසේ මිදුලේදී පය ලිස්සා ගොස් බිම ඇද වැටී අසල තිබූ අත්තිවාරමක වැදීම නිසා හිසට තුවාල සිදුවූ බව ප්‍රකාශ කර ඔහුගේ බිරිය විසින් ඊට පසු දින (14) පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් අනතුරුව රෝගියා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට මාරු කර යවා ඇති අතර මියගොස් තිබේ.

මිය ගිය පුද්ගලයාගේ මව මේ මරණය තමන්ට සැක සහිත බවට අරලගංවිල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මරණකරුගේ බිරිය විසින් පොල්ලකින් පහරදීම නිසා තුවාල ලබා තිබෙන බවයි.

ඒ සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (16) පැවැත්වීමට නියමිතය. 



අදහස් (0)

සැමියාට පහර දී ඝාතනය කළාට බිරිඳ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32260 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14748 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 80 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 356 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site