IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සැමියාට පිහියකින් ඇන තුවාළ කළැයි බිරිඳ ඇතුළු 4 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
පානදුර වෑකඩ ප්‍රදේශයේ නිවසක ත්‍රී රෝද රථ රියැදුරෙයකුට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු අද(03) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් පිරිස අතර ත්‍රී රෝද රථ රියැදුරුගේ බිරිඳගේ මව, පියා සහ නැගණියද වන බව පොලිසිය පවසයි.
 
පිහි පහරින් තුවාල ලැබූ රියැදුරු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
 
කොටස් දෙකකට කැඩුණු පිහියක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
 
රියැදුරු සහ සැකකාර බිරිඳ ඇගේ මහගෙදරට ගිය අවස්ථාවේ ඇති වූ බහින්බස්වීමක් නිසා ඉකුත් 30 වැනිදා මෙම පිහි පහර එල්ලකර ඇතැයි පොලිසිය කියයි.
 
සිද්ධියෙන් අනතුරුව සැකකාරිය හා පවුලේ සාමාජිකයන් දින කිහිපයක් නිවස හැරගොස් සිට අද(03) එහි පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

සැමියාට පිහියකින් ඇන තුවාළ කළැයි බිරිඳ ඇතුළු 4 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32243 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14718 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 73 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 347 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1272 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site