IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සමෘද්ධිලාභීන්ට ජනසවි සහනාධාරයත් දෙනවා

( කාංචන කුමාර ආරියදාස ලග්ගල සිට)
 
තමා ඉදිරියේදී මෙරට ජනාධිපති වූ විට සමෘද්ධිලාභීන් හට  සමෘද්ධි ආධාරයට අමතරව නැවතත්  ප්‍රේමදාස ජනපති යුගයේ ආරම්භ කළ ජනසවි සහනාධාරය ලබාදීමට තමා තීරණය කළබව ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (19) ලග්ගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය.

එමෙන්ම මැණික් කර්මාන්තය සඳහාද විශේෂ වරප්‍රසාද රැසක් ලබාදීමට තමන් ඉදිරියේදී බලාපොරොත්තු වන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
 
ලග්ගල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායිකා රෝහිනී විජේරත්න මහත්මිය සංවිධානයකර තිබූ මෙම ජනහමුව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටීම විශේෂත්වයකි.
 
රෝහිනී විජේරත්න, වසන්ත අළුවිහාරයේ, මුජිබර් රහුමන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, රාජිත සේනාරත්න යන මන්ත්‍රීවරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

සමෘද්ධිලාභීන්ට ජනසවි සහනාධාරයත් දෙනවා

sam Saturday, 19 October 2019 11:00 PM

මිනිස්සුන්ට ඔලුව උස්සලා නිවහල් වෙන්න දෙන්න. එයට හරියන දියුණුවෙන ක්‍රම සලවන්න. නිකම් කන මානසිකත්වයටම අදින්න එපා. අරහෙන් මෙහෙන් ආධාර බලාගෙන රටක් කරන්නත් එපා.

:       0       10

ajith Sunday, 20 October 2019 01:53 AM

මෙයා හදන්නේ ලංකාවේ ඔක්කොම සහනාධාර වලින් යැපෙන ලෝකයේ හිගන රටක් කරන්න. නායකයෙක් කරන්න ඕන රටේ අයෝජන වැඩි කරලා රැකියා උත්පාදනය කරන එක. එතකොට රටේ ජනතාව රටටත් වැඩක් කරලා තමන්ගේ අවශ්‍යතාත් ඉටුකර ගනීවි.මේ වගේ මෝඩ වැඩ කරලා රට තවත් පහලට අදින්න එපා.

:       0       0

sam Sunday, 20 October 2019 02:24 AM

ඉස්සර කෙනෙක් හාල් හඳෙන් හරි ගෙනත් දෙනවා කිව්වා වාගේ සජිත් මහත්තයාත් මේ දෙනවා කියන දේවල් දෙන්නේ කොහොමද කියලත් කිව්වානම් තමයි හොඳ.....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site