(අජිත්ලාල් ශාන්තඋදය සහ විශේෂ වයි.ඒ.එස්. වීරවංශ)
සබරගමු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු නොදිරන සහ පරිසර අහිතකර දෑ වලින් තොර කලාපයක් කිරීමේ පළමු පියවර තැබූ බව පීඨාධිපති ආචාර්ය අතුල ඥානපාල මහතා පැවසීය.
ඒ අනුව වරක් පමණක් භාවිතකරන පොලිතීන්, ප්ලාස්ටික් ජනවාරි පළමුවැනිදා සිට එම පීඨය තුළ භාවිතා කිරීම නවතා දැමූ බව ද පීඨාධිපතිවරයා පැවසුවේය.
පීඨාධිපති ආචාර්ය අතුල ඥානපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙවැනි දිරා නොයන ප්ලාස්ටික් පිටුදැකීම ආරම්භ කළ ලංකාවේ විශ්ව විද්‍යාල පීඨ අතරින් පළමුවැන්න සබරගමු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය බවයි.
මේ වසර අවසානය වනවිට සියලු ප්ලාස්ටික් සහ පොලිතින් ඉවත් කර හරිත පීඨයක් බවට පත් කරන බවද පීඨාධිපතිවරයා කීවේය.
කළමනාකරණ පීඨයෙන් ‘පරිසර හිතකාමී ව්‍යාපාර කළමනාකරණය’ නමින් සිව් අවුරුදු නව ව්‍යාපාර අධ්‍යයන පාඨමාලාවක්ද ආරම්භ කර ඇති බව පැවසූ පීඨාධිපතිවරයා ඒ තුළින් පරිසර හිතකාමී, පොලිතීන් ප්ලාස්ටික්වලින් තොරව ව්‍යපාර පවත්වාගෙන යන ආකාරය උපාධි අපේක්‍ෂකයන්ට උගන්වන බව ද කීවේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සබරගමු සරසවියේ පීඨයක් පොලිතීන්වලින් තොර කලාපයක් කෙරේ