(අජිත්ලාල් ශාන්තඋදය)
මේ වසරේ සබරගමු පළාතේ, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි භාෂාව සහ ප්‍රාථමික විෂයයන්ගේ ගුරු පුරප්පාඩු 1500ක් ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය.
මාධ්‍යයට අදහස් දක්වමින් තවදුරටත් පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ ගම්බද පාසල්වල ඉගැන්වීම් කටයුතු නිසි පරිදි සිදුනොවීම නිසා නගරයේ පාසල් කරා දරුවන් ඇදී යාමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවයි.
එහෙත් ඇතැම් ගුරුවරුන් පාසල් කාලයෙන් පසුවත් දරුවන්ට ඉගැන්වීම් කිරීම ඉතා අගය කරන බව කී පළාත් ආණ්ඩුකාරවරයා තවත් ගුරුවරුන් පිරිසක් සිය වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම නිසා මව්පියන් තම දරුවන් නගරයේ ජනප්‍රිය පාසල් කරා යොමුකිරීමට පෙළඹෙන බව ද කීවේය.
සබරගමු පළාතේ අධ්‍යාපන මට්ටම සෙසු පළාත් අභිබවමින් පැවතුනත් මේ වනවිට විශාල පසුබෑමකට ලක්ව ඇති බවත් ඒ පසුබෑමට අධ්‍යාපන නිලධාරීන් වගකිවයුතු බවද කීවේය. අගය කළ යුතු ගුරුවරුන් අගය කරමින් දිරිමත් කළයුතු වුවත් බොහෝ අවස්ථාවල එවැනි අගැයීමක් නිලධාරීන්ගෙන් සිදුනොවන බව කී පළාත් ආණ්ඩුකාරවරයා දරුවන්ට ඉගැන්වීමේ ක්‍රියාවලියේ දී වගකීම් පැහැරහරින ගුරුවරුන් සම්බන්‍ධයෙන් ද සමහර නිලධාරීන් ක්‍රියාමාර්ග නොගන්නා බවක් පෙනෙන්නට ඇතැයි ද කීවේය.
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ පාසල් 1128ක ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලක්‍ෂ හතරකට සහ ගුරුවරුන් 25691ක් සම්බන්‍ධයෙන් අධ්‍යාපන නිලධාරීන්ගේ අවධානය මීට වඩා යොමුකර පළාතේ අධ්‍යාපනය ඉහළ නැංවීමට ක්‍රියා කළයුතු බවද කීවේය.
පළාතේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය සම්බන්‍ධයෙන් තමන් දැඩි අවධානයකින් සිටින බව කී ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ අධ්‍යාපන සංකල්පය සබරගමු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද අවධාරණය කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සබරගමුවේ ගුරු පුරුප්පාඩු 1500ක්
වාසනා නිලන්ති Friday, 02 July 2021 02:17 PM
දැනට අභ්‍යාසලාභී උපාධිධාරීන් ලෙස පාසල් වල පුහුණු ලබන සබරගමු 2019 ගුරුවිභාගය 80_න්ඉහළ ලකුණු ලබාගත් අය ගුරු පත්වීීමි ලබාදීම සදහා කටයුතු සලසා දෙන මෙන් ගරු ආණ්ඩුකාරතුමා ගෙන් ඉල්ලා සිටිමි.