(නවරත්න සමරතුංග සහ වසන්ත චන්ද්‍රපාල)
සේනා දළඹු උවදුරෙන් වගා හානිවූ බඩ ඉරිඟු ගොවීහු තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබාදෙන ලෙස රජයට බල කරමින් අද (03) අම්පාර නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
ඉල්ලීම් පාඨ සඳහන් කල පුවරු අතැතිව සටන් පාඨ කියමින් අම්පාර දිසා ලේකම් කාර්යාලය ඉදිරියට පෙළපාලියකින් පැමිණ ඔවුහු විරෝධතාවයෙහි නිරත වූහ.
දමන, අම්පාර (නාමල්ඔය) උහන යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල බඩ ඉරිඟු සමිති විස්සක පමණ සාමාජික ගොවීන් සහ ගොවි කාන්තාවෝද සහභාගි වී සිටියහ. අම්පාර දිස්ත‍්‍රික් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු වසන්ත පියතිස්ස දමන දකුණු ඉවුර රත්න භූමි ගොවි සංවිධානය අරුණළු ගොවි සංවිධානය ඇතුළු තවත් ගොවි සංවිධාන කීපයක නියෝජිතවරු සහ සාමාජික ගොවීහු දැනුම්වත් කළහ.
අම්පාර එච්.ඇම්. වීරසිංහ ක‍්‍රීඩාංගනයේ සිට රීගල් මංසන්ධිය ඔස්සේ පෙළපාළියකින් ඔවුහු ගමන් කළහ.
මේ අතර උද්ඝෝෂණයට එක්ව සිටි පිරිසට සහය දැක්වීම සඳහා අම්පාර දිසා ලේකම් කාර්යාලය ඉදිපිට ගසකට නැගගත් ගොවීන් දෙදෙනෙකුව පොලීසිය මැදිහත්ව බිමට බැස්සවූහ. ආරක්ෂක හේතූන් මත දිසාපති කාර්යාල පරිශ‍්‍රයට පිවිසෙන ප‍්‍රධාන ගේට්ටුව වසාදමා තිබිණි.
පැය කීපයක් උද්ඝෝෂණයේ නිරත පිරිස හමුවට පැමිණි අතිරේක දිසාලේකම් උදාර නානායක්කාර සහ අම්පාර දිස්ත‍්‍රක් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එස්.ඒ.කලීස් මහතා පැවසුවේ ඉදිරි මාසය තුල රක්ෂණ වන්දි මුදල් ලැබුණ වහාම ගෙවීමට කටයුතු කරන බවය.
මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු වසන්ත පියතිස්ස මහතා ගොවීන් මාරාන්තික උපවාසයකට අවතීර්ණ නොකරන ලෙස පාලකයින් වග බලා ගතයුතු බව අවධාරණය කළේය. රුපියල් කෝටි අසූවක් පමණ වන මෙම වන්දි මුදල් ඉදිරි සතියක් ඇතුළත ලබා නොදුන්නොත් නැවත මෙම ස්ථානයට ගොවීන් පැමිණෙනු ඇති බවද ඔහු කීය.



(ඡායාරූප - නවරත්න සමරතුංග)



(ඡායාරූප -වසන්ත චන්ද්‍රපාල)
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘සේනා‘ හානි කළ වගාවන්ට වන්දි ඉල්ලා උද්ඝෝෂණයක්