IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘සේනා’ හානි කළ වගාවන්ට වන්දි ඉල්ලා උද්ඝෝෂණයක්

(වසන්ත චන්ද්‍රපාල සහ නවරත්න සමරතුංග)
 
සේනා දළඹුවාගෙන් වගා හානිවූ බඩ ඉරිඟු ගොවීන් පිරිසක් අද (11) බඩඉරිඟු අක්කරයක් සඳහා වගා වන්දිය රුපියල් 75,000ක් ලබාදෙන ලෙස හා තවත් ඉල්ලීම් කීපයක් මුල් කරගෙන රජයට බල කරමින් අම්පාර දිසා ලේකම් කාර්යාලය ඉදිරියේදී උද්ඝෝෂණයක නිරත වූහ. 

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට දමන සහ නාමල්ඔය ප‍්‍රදේශවලින් පැමිණි ගොවීහු එක්ව සිටියහ.
 
අම්පාර ප‍්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට සිට ඔවුහු සිය ඉල්ලීම් සඳහන් බැනරයක් ද පෙරටු කරගෙන පාගමනින් ඉල්ලීම් සහිත පුවරු අතැතිව දිසාලේකම් කාර්යාලය ඉදිරියට පැමිණියහ. 

එහිදී ආරක්ෂක හේතූන් මත දිසාලේකම් කාර්යාලයට පිවිසෙන ප‍්‍රධාන ගේට්ටුව වසා දමා එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා තිබිණ. 

ඡායාරූප - නවරත්න සමරතුංග



අදහස් (2)

‘සේනා’ හානි කළ වගාවන්ට වන්දි ඉල්ලා උද්ඝෝෂණයක්

Nuwan Monday, 11 February 2019 09:25 AM

මදුෂ් නාටකය ඉවර වෙනකන් ඉන්න වෙනවා පොඩ්ඩක්. මොකද මදුෂ් ට සම්බන්ද කට්ටියගේ ඉහ මොළ රත් වෙලා තියෙන්නේ මේ දවස් වල.

:       0       0

pradeep Monday, 11 February 2019 10:49 AM

ගොවීන් වගා රක්ෂණ වලට උනන්දු කලයුතුයි. බදු මුදල් ගෙවන අපි මේවට ගෙවිය යුතුද? මෙවැනි ආධාර බෙදාදී, දේශපාලකයන් ඡන්ද ගැනීමට අහිංසක ජනතාව අන්දනවා ඇති.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site