IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘සේනා’ සේනාව ගල්කිරියාගමත් ආක්‍රමණය කරයි

(කුෂාන් ජයවර්ධන)

මේ දිනවල පැතිර යන සේනා දළඹුවා ගල්කිරියාගම මහවැලි කොට්ඨාසයේද පැතිර යමින් පවති.

සේනා දළඹුවා සම්බන්ධයෙන් ගල්කිරියාගම ප‍්‍රදේශයෙන් වාර්තාවන පළමු අවස්ථාව මෙයවේ. ගල්කිරියාගම මහවැලි කොට්ඨාසයට අයත් කලාගම ප‍්‍රදේශයේ බඩඉරිගු වගාවන් ආශ‍්‍රිතව මේ වනවිට සේනා දළඹුවා ව්‍යාප්තවී ඇත.

ප‍්‍රදේශයේ කුඹුරු ඉඩම් ආශ‍්‍රිතව ඇති බඩඉරිගු වගාවන් මෙලෙස සේනා දළඹුවාගේ ආක‍්‍රමණයට ලක්ව තිබීම නිසා එම දළඹුවන් වී වගාවට ද ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව ගල්කිරියාගම මහවැලි කාර්යාලයේ නිලධාරීහු පවසති.

ගල්කිරියාගම මහවැලි කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ දහයියා පුළුස්සා ලබාගත් අළු ශාකපත‍්‍ර මත ඇති පිණී සිඳී යාමට පෙර වගාවට යෙදීම වඩාත් සාර්ථක බවයි. මෙම සාම්ප‍්‍රධායික අළු සත්තාරය මගින් වගාවේ සිටින මෙම දළඹුවා මෙන්ම වෙනත් පණු විශේෂ පාලනය කර ගත හැකි බව ද තම වගාවන් දළඹු ආක‍්‍රමණයට ලක්වීමට පෙර වගාවන්ට අළු සත්කාරය යෙදීම වඩාත් සාර්ථක වනු ඇති බව ද එම නිලධාරීහු පෙන්වා දෙති.

යාබදව ඇති ආඩියාගල පලාගල සහ කැකිරාව මෙන්ම මඩාටුගම ගොවිජන සේවා බල ප‍්‍රදේශවලට ද මෙම දළඹු ආක‍්‍රමණය පැතිරයාමේ අවදානමක් පවතින බව ගල්කිරියාගම මහවැලි කාර්යාලයේ නිලධාරීහු අනතුරු අඟවති.

 

 

 



අදහස් (0)

‘සේනා’ සේනාව ගල්කිරියාගමත් ආක්‍රමණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site