IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සේනා මර්දනයට ජාතික වැඩපිළිවෙළක්

(හසිත රංග ගුණතිලක)

 
බඩ ඉරිඟු සහ උක් වගාවේ ව්‍යාප්ත වෙමින් පවතින සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා අද(16) සිට මේ මස 31 වැනිදා දක්වා සති දෙකක ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි. 
                              
එම වැඩපිළිවෙළ යටතේ සේනා දළඹුවාගෙන් වන හානිය අවම කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය යෙදීම සහ ස්වාභාවික කටයුතු සිදුකරනු ලබන ආකාරය සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.   
                   
හැරිසන් මහතා මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ අද(16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.                                  
සේනා දළඹුවා මේ වනවිට අනුරාධපුරය, පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක 7ක ව්‍යාප්තව ඇති බව කී අමාත්‍යවරයා මෙම ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා එම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්, කෘෂිකර්ම නිලධාරීන්, කෘෂි පීඨ නිලධාරීන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු සමස්ත රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සම්බන්ධ කරගන්නා බවද කීවේය.   
         
සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ගොවි ජනතාව තවමත් දැනුවත් වී නොමැති බවද කෘෂි බෝග හානිය මර්දනය කිරීම සඳහා ගොවීන් දැනුවත් වුවහොත් ඉදිරියේදී දළඹුවාගෙන් වගාවන්ට වන හානිය අවම කර ගත හැකි බවද හෙතෙම කීය.



අදහස් (0)

සේනා මර්දනයට ජාතික වැඩපිළිවෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site