IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සේනා මඬ්න්න පිටරටින් පෙරමෝන උගුල් 20000

සේනා දළඹුවන් පාලනය කිරීම සදහා ෆෙරමෝන උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කිරීම සඳහා කටයුතු සුදානම් කර  ඇතැයි කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.
 
කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතාගේ උපදෙස් අනුව මෙය ක්‍රියාත්මක කර ඇත.
 
දැනටමත් දළඹුවාව භක්ෂණය කරනු ලබන විලෝපිකයන් සිව්දෙනකු හදුනාගෙන ඇති බවත් මෙම ජෛව පරපෝශිතයින් ක්ෂේත්‍රයට මුදා හැරීමට ඉදිරියේදී කටයුතු කරන බවත්  කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල්වරා  සඳහන් කරයි.
 
 මේ වන විට මෙම පළිබෝධ හානිය සම්බන්ධයෙන් ඇත්දැකීම් ඇති රටවල් වලින් සහ අන්තර්ජාතික සංවිධන වලින් විද්වත් සහය ලබා ගැනීම ආරම්භ කර ඇති බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි
 
 
බඩඉරිඟු වගා කර ඇති හෙක්ටයාර් 82000න්  මින් දළඹු හානිය හෙක්ටයාර් 43000ක් බවත් හානියෙන් මෙරට බඩඉරිගු අස්වැන්නෙන් සියයට 10 සිට 20 දක්වා අස්වනු හානිය සිදුවිය හැකි බව දෙපාර්තමේන්තුව  පවසයි.
 
 
පලිබෝධකයාගේ බිත්තර විනාශ කිරිම සඳහා ආරෝපිත විසුරුම් ක්‍රම භාවිතාකොට කෘමි නාශක ඉසීමත්  හඳුන්වා දුන් තාක්ෂණ වලට ගොවීන් අනුගත කිරීමත් ගොවීන් සදහා උපදේශණයත් සිදු කිරීම ද  මෙහිදී පියවර ගෙන ඇති බව  කෘෂි අමාත්‍යංශය පවසයි.
 
ඉදිරියේදී ප්‍රතිරෝධී බඩ ඉරිඟු අභිජනනය කිරිම හා එම ප්‍රභේද අප රටට හඳුන්වාදීම සිදුකරන බව දෙපාර්තමේන්තුව පවසයි.

 

(36698)



අදහස් (0)

සේනා මඬ්න්න පිටරටින් පෙරමෝන උගුල් 20000

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site