IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘සේනා’ දළඹුවා මධ්‍යම පළාතත් ආක්‍රමණය කරයි

(මොහොමඩ් ආසික්)

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක වගාවන් විනාශ කරමින් මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින ‘සේනා’ දළඹුවා මේ වන විට මධ්‍යම පළාතද ආක්‍රමණය කරමින් පවතින බව මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මධ්‍යම පළාත් අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂිකා කුසුම් සෙනෙවිරත්න මහත්මිය  මේ සම්බන්ධයෙන් සඳහන් කරමින්, මේ වන විට මෙම සේනා දළඹුවාගේ ආක්‍රමණය මාතලේ දිස්ත්‍රික්කයේ  විල්ගමුව සහ නාවුල යන ප්‍රදේශවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයටත්, මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව ප්‍රදේශයටත් ව්‍යාප්ත වී ඇති බවත් මෙම ප්‍රදේශවල පවතින බඩඉරිඟු වගාවන්වල මෙම දළඹුවාගේ හානිය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවත් සඳහන් කළාය.

මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශවල බඩඉරිඟු වගාවන් සමඟම එළවළු ඇතුළු  වෙනත් බෝග වගාවන්ද සිදු කරන බැවිත් මෙම සේනා දළඹුවාගේ හානිය අනෙකුත් වගාවන්ටත් ව්‍යාප්ත විමේ අවදානමක් පවතින බවද ඇය තව දුරටත් සඳහන් කළාය.

මධ්‍යම පළාත තුළින් මෑතක වාර්තා වී ඇති මෙම සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා කෘෂි  අංශයේ සියලු නිලධාරීන්  දැනුවත් කර ඇති බවත්  සියලු නිලධාරීන්  බළකායක් ලෙස එක්ව මෙම දළඹුවා මර්දනය කර ගොවීන්ගේ වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් අතිරේක අධ්‍යක්ෂ  සේනෙවිරත්න මහත්මිය සඳහන් කළාය.

මේ මස අට වැනිදා දක්වා සේනා දළඹුවා මර්දන  කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවත් එම කාලය තුළ  මෙම දළඹුවාගේ වැඩි වශයෙන් ව්‍යාපත්ව පවතින ප්‍රදේශවලට  කණ්ඩායම් වශයෙන් ගොස් ගොවීන් දැනුවත් කිරීමටත් අවශ්‍ය බෙහෙත්  ඉසීමටත් කටයුතු කරන බවත් කී අතිරේක අධ්‍යක්ෂවරිය මධ්‍යම පළාත තුළින් මෙම දළඹූවා වාර්තා වීම ආරම්භක අවස්ථාවේ පවතින බැවින් ඉදිරියේදී තවත් ප්‍රදේශවලින් වාර්තා වීමට හැකියාව පවතින බැවින් ගොවීන් වඩාත් අවධානයෙන් සිටිය යුතු බවත් දළඹුවාගේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ගේද සහාය මත විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක  කරන බවත් කීවාය.

මේ සම්බන්ධයෙන් යම් දැනුවත් වීමක් අවශ්‍ය නම් හෝ මෙම දළඹුවාගේ හානිය දුටුවහොත් කෘෂිකර්ම නිලධාරින් හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස පළාත් අතිරේක අධ්‍යක්ෂිකා කුසුම් සෙනෙවිරත්න මහත්මිය තව දුරටත් සඳහන්  කළාය.



අදහස් (0)

‘සේනා’ දළඹුවා මධ්‍යම පළාතත් ආක්‍රමණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site